Twitter සමාගමේ CEO ලෙස ඇමරිකානු ජාතික කාන්තාවක් පත් කිරීමට Elon Musk කටයුතු කරයි

Elon Musk විසින් මේ වන විට නව Twitter CEO ලෙස පත් කිරීමට නියමිත කාන්තාවක් කවුරැන්ද යන්න ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Twitter සමාගමේ CEO ලෙස ඇමරිකානු ජාතික කාන්තාවක් පත් කිරීමට Elon Musk කටයුතු කරයි

පසුගිය දා Twitter සමාගමේ CEO ලෙස Elon Musk ඉවත් වී, එම තනතුර සඳහා කාන්තාවක් පත් කිරීමට සුදානමින් සිටින බවට අප ඔබ වෙත තොරතුරු ගෙන ආ බව ඔබට මතක ඇති.

ඒ අනුව ඔහු විසින් මේ වන විට නව Twitter CEO ලෙස පත් කිරීමට නියමිත කාන්තාවක් කවුරැන්ද යන්න ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙලෙස Twitter සමාගමේ CEO ලෙස පත් කර ඇත්තේ ඇමරිකානු ජාතික කාන්තාවක් වන Linda Yaccarino මහත්මියයි. ඇය විසින් Twitter සමාගමේ CEO තනතුර හෙබවීමට නියමිත අතර ඇය විසින් Business Operations පිළිබඳව ද කටයුතු කිරීමට නියමිත වනවා. මීට අමතරව තමන් විසින් Product design & New technology අංශය තුළ සහ Executive Chairman ලෙස කටයුතු කිරීමටත් නියමිත බව Elon Musk විසින් තම Twitter සටහන ඔස්සේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.


Linda Yaccarino

Linda Yaccarino වයස 59 හැවිරිදි (November 27, 1963) ඇමරිකානු ජාතික කාන්තාවක් වන අතර ඇය NBC Universalහි Head of Advertising ලෙස කටයුතු කර තිබෙනවා. ඇය විසින් මීට පෙර Peacock Streaming Service එක ආරම්භ කිරීමට සහ Snapchat, YouTube සහ Twitter ආදි තාක්ෂණික සමාගම් ගණනාවකම විවිධ තාක්ෂණික කටයුතු සඳහා හවුල්කාරීත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම ඇය NBC Universal හි සේවය කිරීමට පෙර Turner Entertainment හි වසර 15 ක් පමණ සේවය කර තිබෙනවා.

Sources: Elon Musk Androidauthority

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara