Twitter සමාගමේ CEO ලෙස කාන්තාවක් පත් කිරීමට Elon Musk සුදානම් වේ

Elon Musk විසින් Twitter සටහන් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ ඔහු විසින් Twitter සමාගම සඳහා නව CEO වරියක බඳවාගෙන ඇති බවයි.

Twitter සමාගමේ CEO ලෙස කාන්තාවක් පත් කිරීමට Elon Musk සුදානම් වේ

ඔබට මතක ඇති මීට පෙර අප ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා Twitter සමාගමේ CEO තනතුරෙන් තමන් ඉවත් වීමට සුදානමින් සිටින බවට Elon Musk ප්‍රකාශ කළ බව. ඒ ඔහු විසින් පසුගිය වසර ඔක්තෝම්බර් මාසයේදී පමණ ඩොලර් බිලියන 44ක පමණ මුදලකට Twitter සමාගම මිලට ගෙන එහි CEO බවට පත් වීමත් සමඟයි.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔහු විසින් එහි සේවය කළ Parag Agrawal, Ned Segal, Vijaya Gadde සහ Sean Edgett වැනි විධායක ශ්‍රේණියේ පුද්ගලයින් කිහිප දෙනෙකුව නෙරපා හැරීම සිදු කළ අතර  Twitter සමාගමේ සේවක කප්පාදුවක් ද සිදු කරනු ලැබුවා. මීට අමතරව Twitter වෙත මුදල් ගෙවා Verification Badge එක ලබා ගැනිමේ පහසුකම ඇතුළු නව විශේෂාංග කිහිපයක් ද හදුන්වා දෙනු ලැබුවා.

කෙසේ වෙතත් මෙලෙස ඔහු විසින් Twitter සමාගමේ CEO තනතුරෙන් තමන් ඉවත් වීමට සුදානමින් සිටින බවට ප්‍රකාශ කළ පසු අද (මැයි 12) ඔහු විසින් නැවතත් Twitter සටහන් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ ඔහු විසින් Twitter සමාගම සඳහා නව CEO වරියක බඳවාගෙන ඇති බවත්, ඇය සති 06ක පමණ කාලයකින් පසුව නිල වශයෙන්ම Twitter සමාගමේ CEO ලෙස රාජකාරි ආරම්භ කරනු ඇති බවයි.

මේ Twitter සටහනට අනුව ඔහු විසින් Twitter සමාගමේ CEO ලෙස කාන්තාවක් බඳවාගෙන ඇති අතර ඇය කවුරැන්ද යන්න පිළිබඳව තවමත් හෙළි කර නොමැති වනවා.

කෙසේ වෙතත් මෙලෙස නව Twitter සමාගමේ CEO වරිය පත්වු විට Elon Musk විසින් Executive Chair & Chief Technology Officer (CTO) to oversee product, software and sysops තනතුරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් දක්වන්න පුලුවන්.

Sources: BGR Bloomberg

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna