රෝලර් කෝස්ටර් සවාරි යෑමේදී iPhone 14 විසින් 911 අමතන බවට වාර්තා ​වේ

රෝලර් කෝස්ටර් සවාරි යෑමේදී iPhone 14 විසින් 911 අමතන බවට වාර්තා ​වේ

iPhone 14 හි නව crash detection විශේෂාංගය, ඔබ රිය අනතුරකට ලක්ව ඇති බව අනාවරණය වූ විට බලධාරීන්ට දැනුම් දෙන අත​ර, මේ වන විට එ​හි රෝලර් කෝස්ටර් සවාරි වලදී 911 හරහා පොලීසිය අමතන දෝෂයක් හදුනාගෙන ඇත.

The Wall Street Journal හි වාර්තාවකට අනුව, රෝලර්කෝස්ටර් මත ඇති වන දැඩි තිරිංග සැබෑ හදිසි අවස්ථාවක් ලෙස වරදවා වටහා ගැනීමෙන් පසු iPhone 14 හී ඇති Crash Detection feature එක බොහෝ අවස්ථා වලදී ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

simulated කරන ලද මෝටර් රථ අනතුරු සමඟ අත්විඳින ලද බලපෑම පිළිබඳව පුහුණු කරන ලද gyroscopic sensor සහ high-g accelerometer උපාංග ය වෙත, ඔබ හදිසි අනතුරකට ලක්ව ඇති බව sensors හඳුනා ගන්නේ නම්, ඔබ තත්පර 20ක් ඇතුළත එම alert එක dismiss නොකරන්නෙ නම්, ඔබගේ iPhone හි Crash Detection ක්‍රියාත්මක ​වී හදිසි සේවා අමතයි.

එය ඔබ අනතුරක​ට ලක් වූ විට බලධාරීන්ට දැනුම් දෙන audio message එකක් වාදනය කරයි, සහ ඔවුන් හට Crash Detection feature එක මගින් ඔබේ ස්ථානය ද බලධාරීන් හට සපයයි.

මේ tweet එකෙන් පෙන්වන්නේ iPhone 14 පරිශීලකයෙක් වන WSJ reporter Joanna Stern Cincinnati’s විසි​න් Kings Island amusement park හි රෝලර් කෝස්ටර් සවාරියක් අතරතුර 911 අමතන අවස්ථාවකි. Automated message එක වාදනය වන බැවින්, rollercoaster හි පසුබිමේ කෑගැසීම්ද ඔබට ඇසෙනුද ඇත.

ඔබට නව iPhone 14 හෝ Apple Watch තිබේ නම් ඔබ රෝලර් කෝස්ටර් වලින් වැළකී සිටිය යුතු බව මින් අදහස් නොවේ. උපාංගය තාවකාලිකව airplane mode දැමීමෙන් හෝ settings තුළ විශේෂාංගය අක්‍රිය කිරීමෙන් ඔබට හදිසි ඇමතුම් වළක්වා ගත හැකි වේ.

Sources: The Verge CNET

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara