iPhone පරිශීලකයන්ට GeForce NOW හරහා නැවත වතාවක් Fortnite ක්‍රීඩාවේ යෙදීමේ හැකියාව හිමි ​වේ

iPhone පරිශීලකයන්ට GeForce NOW හරහා නැවත වතාවක් Fortnite ක්‍රීඩාවේ යෙදීමේ හැකියාව හිමි ​වේ

Apple සමාගමත් Epic Games සමාගමත් අතර තිබූ නීතිමය අරගලය නිසා Apple සමාගම විසින් Fortnite Game එක App Store එකෙන් ඉවත් කර දමනු ලැබුවා. මේ නිසා 2020 අගෝස්තු මාසයේ සිට Apple iPhone හෝ iPad භාවිතයෙන් Fortnite Game එක Play කිරිමේ අවස්තාව අහිමි වුවා.

නමුත් මේ වන විට Nvidia සමාගමේ GeForce NOW Gaming Service එක හරහා නැවතත් iOS හි Fortnite Game එක Play කිරීමට අවස්ථාව ලැබි තිබෙනවා.

GeForce NOW කියන්නෙ Web Browser එක මත ක්‍රියා කරන Gaming Service එකක් වන අතර මේ හරහා iPhone සහ iPad භාවිතා කරන්නන් හට Safari Web Browser එක ඔස්සේ Fortnite Game එක Play කිරීමට අවස්ථාව ලැබෙනවා.

Fornite Game එක මෙලෙස GeForce Now සදහා ලබා දීම Nvidia සහ Epic Games යන සමාගම් පසුගිය 2020 නොවැම්බර් මාසයේදි සිදු කළ අතර, පසුගිය ජනවාරි මාසයේදි මෙම සමාගම් විසින් නිවේදනය කළේ Limited Time Beta Version එකක් නිල එළිදැක්වීමට පෙර ලබාදෙන බවයි.

මෙම Beta Version එක ලබාගැනීමට නම් ඔබට Nvidia Geforce NOW හි Sign Up වී Waiting List එකෙහි රැදීසිටීමට සිදුවන අතර එවිට ඔබගේ Email ලිපිනයට මෙහි Access ලබාදෙනු ඇත. මෙය Close Beta Version එකක් නිසා හැම දෙනෙක්ටම අවස්ථාව ලබා දීමක් සිදු වෙන්නේ නැත.

Source: MacRumors

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna