බදු සංශෝධන වලට පසුව දුරකතන පැකේජවල නව මිල ගණන් සියල්ල එකම තැනි​න්

බදු සංශෝධන වලට පසුව දුරකතන පැකේජවල නව මිල ගණන් සියල්ල එකම තැනි​න්

පසුගිය දිනක රජය විසින් ප්‍රකාශයට පත් කළ බදු වැඩි විමට අනුව, 11.25% සිට 15% දක්වා වැඩි වු විදුලි සංදේශ බදු වැඩි විමට අනුව සියලුම දුරකථන, අන්තර්ජාල හා රෑපවාහිනි සේවා සපයන ආයතන විසින් ඔවුන්ගේ නව ගාස්තු වැඩි විම් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මේ වෙන විට Dialog, Mobitel, Hutch සහ Airtel ආදි ප්‍රධාන සමාගම් රැසක් මෙම නව ගාස්තු සංශෝධනයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Dialog සමාගමේ නව ගාස්තු සංශෝධනයන්

Dialog Mobile පාරිභෝගිකයන් සදහා වෙන Mobile Plan, නැතිනම් Reload කිරිම ඔස්සේ සක්‍රීය කරනු ලබන පැකේජ්යන්වල Reload කළ යුතු ගාස්තුව ඉහළ දමා තිබෙනවා.

Data Card මගින් සක්‍රීය කර ගත හැකි Data පැකේජ් සදහා ලබා දෙන Data ප්‍රමාණය බදු වැඩි විමට සමගාමිව පහත දමා තිබෙනවා.

Dialog Home Prepaid පාරිභෝගිකයන් සදහා වු Prepaid Plans සියල්ලේම මිල වැඩි කර තිබෙන අතර Prepaid Data Card සදහා ලබා දෙන Data ප්‍රමාණය බදු වැඩි විමට සමගාමිව පහත දමා තිබෙනවා.

Home Broadband PostPaid පැකේජයන් සියල්ලේම මිල බදු වැඩි විමට සමගාමීව ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම Dialog TV සදහා වෙන සියලුම පැකේජයන්වවල ගාස්තු ඉහළ දමා තිබෙනවා.

Mobitel සමාගමේ නව ගාස්තු සංශෝධනයන්

Mobitel සමගමේ සියලුම Voice පැකේජයන් සදහා Reload කළ යුතු ගාස්තුව ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම Data Card සදහා ලබා දෙන Data ප්‍රමාණය බදු වැඩි විමට සමගාමිව පහත දමා තිබෙනවා.

මීට අමතරව ඔවුන් විසින් ලබා දෙන අනෙක් සියලුම පැකේජ්යන්වල මිල ප්‍රමාණය ඉහළ දමා තිබෙනවා.

Hutch සමාගමේ නව ගාස්තු සංශෝධනයන්

Hutch සමාගම විසින් Data පැකේජ් කිහිපයක පමණක් Data ප්‍රමාණය බදු වැඩි විමට සමගාමිව පහත දමා තිබෙනවා.

අනෙක් සියලුම පැකේජයන්වල මිල ප්‍රමාණය ඉහළ දමා තිබෙනවා.

Airtel සමාගමේ නව ගාස්තු සංශෝධනයන්

මොවුන් විසින් ලබා දෙන Freedom Packවල පැකේජ් කිහිපයක් පමණක් තවමත් පැරණි මිලටම ලබා දීම සිදු කරන අතර අනෙක් පැකේජයන්වල මිල ප්‍රමාණය ඉහළ දමා තිබෙනවා.

මීට අමතරව ලබා දෙන සියලුම Data පැකේජයන්වල ගාස්තු ඉහළ දමා තිබෙනවා.

මෙලෙස බදු සංශෝධනයන්ට සමගාමීව සිදු වෙන ගාස්තු වැඩි විම අද දින සිට ක්‍රියාත්මක වෙන බව සියලුම දුරකථන සේවා සපයන සමාගම් විසින් ඔවුන්ගේ නිල වෙබ් අඩවිවල දක්වා තිබෙනවා.

Sources: Dialog, Mobitel, Hutch, Airtel

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara