සූවස් ඇලෙහි නෞකාවක් සිරවීමෙන් ඇති වූ ගමනාගමන බාධාවන් හේතුවෙන් ජංගම දුරකතන නිෂ්පාදනයට බලපෑම් ඇති වන බවට මත පලවේ

සූවස් ඇලෙහි නෞකාවක් සිරවීමෙන් ඇති වූ ගමනාගමන බාධාවන් හේතුවෙන් ජංගම දුරකතන නිෂ්පාදනයට බලපෑම් ඇති වන බවට මත පලවේ

සූවස් ඇල කියන්නේ ලෝකයේ වඩාත්ම වැදගත් ජල මාර්ග වලින් එකක්.පසුගිය සතියේ අපට පුවතක් අසන්නට ලැබුනා මෙම ඇළ හරහා යාත්‍රා කරමින් තිබූ නෞකාවක් අධික සුළග නිසා මෙම ඇළහි ඉවුරක වැදී ඇළ මාර්ගය හරහා සිරවී ඇති බව. එම පුවත ලොව සියලුම වැසියන්ගේ අවධානය ලක්වුණා. මක් නිසාද මෙම ඇළ ලෝක ආර්ථිකයට ඉතා වැදගත් ස්ථානයක් නිසාවෙනි. මේ ඇළ ආසියාවේ සිට යුරෝපයට ඇති 200km ක කෙටි මාර්ගයක් වන අතර මෙම ඇළ හරහා රතු මුහුද මධ්‍යදරණී මුහුදට සම්බන්ධ වේ.

මෙම ජලමාර්ගය අවහිරය මේ වන විට සතියක් පුරා පැවතුන අතර නැව් සිය ගණනක් යාත්‍රා කිරීමට නොහැකිව ඇළ දෙපස රැදී තිබුණා.

Strategy Analytics ආයතනය predict කරන ආකාරයට මෙය smartphone කර්මාන්තයටත් සුළු වශයෙන් බලපෑමක් ඇති කරනු ඇත. දැනටමත් smartphone කර්මාන්තය chips හිගයකට මුහුණ දී ඇති අතර එය tablets, laptops, TVs සහ cars වලටද බලපෑමක් ඇති කරනු ඇත. සමීක්ෂණ ආයතනයට අනුව නම් මෙය smartphone කර්මාන්තයට ඇති කරන බලපෑම 5% කටත් වඩා අඩු අතර මෙම කර්මාන්තය තුළ බොහෝමයක් උපාංග ප්‍රවාහනය වනුයේ වෙනත් නැව් මාර්ග හා ගුවන් යානා ආධාරයෙනි.

නමුත් Strategy Analytics ආයතනය සිතන ආකාරයට මෙය smartphone කර්මාන්තයට වෙනත් ආකාරකින් බලපෑමක් කරනු ඇත. එනම්, මේ සිදුවීම නිසා තෙල් මිල ඉහළ යා හැකි නිසාවෙනි. මක් නිසාද පෙර පැවසූ ඇළ දෙපස නවතාගෙන සිටින නැව් වලින් බොහෝමයක් තෙල් ප්‍රවාහනය කරන නැව් නිසාවෙනි. මෙම තෙල් මිල වැඩිවීම නිසාවෙන් කර්මාන්ත ශාලා වල යන්ත්‍රසූත්‍ර ක්‍රියාකිරීමට සහ බෙදාහැරීමේ ප්‍රවාහනයට අවශ්‍ය රථ වලට ඉන්ධන අවශ්‍ය යන කරුණු යටතේ සුළු වශයෙන් මිලගණන් ඉහළ යා හැකිය.

කෙසේවෙතත් මේ වනවිටත් මෙම ගැටලුවට මුලපිරූ අතිවිශාල නෞකාව එම සිරවීමෙන් ඉවතට ගැනීමට සමත් වී ඇත.

Source: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara