දුම්රියේ ගමන් ගන්නා ඔබට ඔබගේ ආසනය ජංගම දුරකතනයෙ​න් වෙන් කරවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් app එකක්

දුම්රියේ ගමන් ගන්නා ඔබට ඔබගේ ආසනය ජංගම දුරකතනයෙ​න් වෙන් කරවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් app එකක්

ඔබට මතක ඇති පසුගිය මාර්තු මාසයේදී පමණ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් SLT-MOBITEL සමාගම හා එක්වී ශ්‍රී ලංකාවේ පළමු වරට Online ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීම හදුන්වා දෙනු ලැබුවා.

මෙහි පළමු පියවර ලෙස ඒ අවස්ථාවේදි මේ සදහා වෙබ් අඩවියක් හදුන්වා දීම සිදු වු අතර එහිදි ප්‍රකාශ කළ අයුරින් Online ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවා ගැනිම සදහා Sri Lanka Railway Reservation නමින් App එකක් Android Device වෙත හදුන්වා දීමට මේ වෙන විට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් තවමත් මේ App එක Apple Devices සදහා ලබා දෙන්න කටයුතු කර නොමැති වෙනවා.

මේ App එක භාගත කිරිමෙන් පසු ඉතා පහසුවෙන් ඔබගේ පෞද්ගලික තොරතුරු කිහිපයක් ( නම, දුරකථන අංකය, E mail ලිපිනය, ජාතික හැදුනුම්පත් අංකය ) ඇතුළත් කර ලියාපදිංචි විය හැකි වෙනවා.

ඉන් පසුව මේ App එක ඔස්සේත් ඔබට අවශ්‍ය දුම්රියන් සදහා ආසන වෙන්කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා.

Source : Sri Lanka Railway

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna