Online ක්‍රමයට දුම්රිය ආසන වෙන්කරවා ගැනීමේ නව සේවාවක් එලිදැක්වීමට කටයුතු කර​යි

Online ක්‍රමයට දුම්රිය ආසන වෙන්කරවා ගැනීමේ නව සේවාවක් එලිදැක්වීමට කටයුතු කර​යි

ශ්‍රී ලංකාවේ පළමු වරට Online ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීම සඳහා වෙබ් අඩවියක් සහ ජංගම යෙදවුමක් හඳුන්වාදීම පසුගිය දින ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුවා. මේ සදහා දුම්රිය දෙපාර්තමේන්තුව සමග 2009 වසරේ සිට දුම්රිය ආසන වෙන්කර ගැනිම සදහා සේවා සපයන්නා ලෙස එක් වු SLT-MOBITEL ආයතනයම එක් වි තිබෙනවා.

මේ අවස්ථාව සදහා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර, SLT මොබිටෙල් ආයතනයේ ප්‍රධාන අලෙවි කළමණාකරු ශසික සෙනරත් මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ හා  SLT මොබිටෙල් ආයතනයේ නිලධාරීන් සහභාගී වුවා.

මේ මගින් ඉදිරියේදී දුම්රිය මඟීන්ට ලොව ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාව තුල එදානෙදා ධාවනය වෙන දුම්රිය රැසක ආසන වෙන් කරවා ගැනිමේ හැකියාව උදා වෙනවා. මෙලෙස දුම්රිය ආසන වෙන් කරවා ගැනිමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක් කර ඇති අතර ඉදිරියේදි මේ පද්ධතිය ඔස්සේ විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමත්, QR කේතය මගින් එම ප්‍රවේශපත්‍ර තහවුරු කර ගැනිමේත් හැකියාවන් ලබා දීමට නියමිත වෙනවා. මේ මගින් දුම්රිය දෙපාර්තමේන්තුව තුල කඩදාසි භාවිතය අවම කිරිමත් අරමුණු වෙනවා.

දුම්රිය ආසන වෙන් කිරීමේ හැකියාව ලබා දී ඇති දුම්රිය සහ ගමනාන්ත සදහා පළමු පන්තියේ නැරඹුම් මැදිරිය, A/C පළමු පන්තිය, දෙවන පන්තිය හා තෙවන පන්තිය සඳහා යාමට සහ ඒමට පියවර කිහිපයක් මඟින් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව ලැබි තිබෙනවා. Visa, master හා Lanka QR ඇතුලු ක්‍රමවේදයන් කිහිපයක් මගින් මෙලෙස මිලදි ගන්නා ප්‍රවේශපත්‍ර මුදල් ගෙවිම් කටයුතු සිදු කල හැකි වෙනවා. මෙලෙස වෙන් කරවා ගත්  ප්‍රවේශපත්‍ර m Ticketing (365) සේවාව සහිත දුම්රිය ස්ථානවලින්, ප්‍රවේශපත්‍රයේ යොමු අංකය සමඟ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම මඟින් ලබා ගත හැකි වෙනවා.

මෙලෙස හදුන්වා දුන් දුම්රිය ආසන වෙන් කිරිමේ ක්‍රමවේදයට අදාලව තවමත් ගැටලු කිහිපයක් පවතින බව රටවටා දුම්රිය මගින්ගේ නිල සමුහය විසින් දක්වා තිබෙනවා. ඊට අනුව,

  • ආසන තෝරාගැනීමට නොහැකි බව.
  • තහවුරු කිරීමේ e-mail පණිවිඩ ප්‍රමාද වීම.
  • නිවැර​දි නොවන මැදිරි සම්බන්ධ තොරතුරු.
  • එක ළඟ ආසන වෙන් කරවාගැනීමට පවතින බාධා.
  • වෙන් කරවාගත හැකි ආසන ප්‍රමාණයන් සීමා වීම.
  • වෙන් කරවාගත් ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට ඩිලිවරි ක්‍රමවේදයක් හෝ බාගත (PDF) කර ගත හැකි ක්‍රමයක් නොමැති වීම.

කෙසේ වෙතත් මීට මසකට පමණ පෙර මෙහි නියමු ව්‍යාපෘතිය හදුන්වා දී තිබෙන අතර මෙලෙස නිල වශයෙන්ම මෙම ව්‍යාපෘතිය මෙලෙස හදුන්වා දිම සමගින් ඉදිරියේදි මෙම ගැටලු නිරාකරණය වෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.

Sources: Ada Derana, RDMNS

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna