ලොව වේගවත්ම 5G ජාලය හිමි රට වීමට දකුණු කොරියාව සමත් වේ, ඇමරිකාවට වඩා 10 ගුණයක් වේගවත්

ලොව වේගවත්ම 5G ජාලය හිමි රට වීමට දකුණු කොරියාව සමත් වේ, ඇමරිකාවට වඩා 10 ගුණයක් වේගවත්

5G තාක්ෂණය මේ වෙන විට ඉතා සාර්ථකව මෙන්ම බහුලව භාවිත වෙන ප්‍රධාන රටක් විදිහට දකුණු කොරියාව හදුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම මේ වෙන විට ලොව වේගවත්ම 5G සම්බන්ධතාවයන් සපයන්නෙත් දකුණු කොරියාව වෙන අතර ඔවුන් විසින් 491Mbps පමණ සාමාන්‍ය 5G Download Speed එකක් ලබා දිමට සමත් වි තිබෙනවා.

100Mbpsට වඩා වැඩි 5G Download Speed එකක් ලබා දිමට තායිවානය, එක්සත් රාජධානිය, ජපානය, ජර්මනිය, හා ඔස්ට්‍රියාව සමත් වි තිබෙනවා.

ඒ වගේම ඇමරිකාව එක්සත් ජනපදය සාමාන්‍ය 43.4Mbps ක, 5G Download Speed එකක් ලබා දිමට සමත් වි තිබෙන අතර එය දකුණු කොරියාව සමග සැසදිමේදි දස ගුණයකින් පමණ අඩු වේගයක් වෙනවා.

මිල ගණන් පිළිබඳව සැලකිමේ දි ඇමරිකා එක්සත් ජනපදය 1GB දත්ත ප්‍රමාණයක් සදහා ඩොලර් 1.5ක මුදලක් ද දකුණු කොරියාව විසින් 1GB දත්ත ප්‍රමාණයක් සදහා ඩොලර් 2.3ක මුදලකුත් අය කරනු ලබනවා.

ඔබට මතක ඇති පසුගිය කාලයේදි ශ්‍රී ලංකාව තුල දුරකථන සේවා සපයන ආයතනය සමහරකුත් 5G තාක්ෂණය Trail Network එකක් ලෙස ශ්‍රී ලංකාව වෙත ලබා දිමට මේ වෙන විටත් කටයුතු කරමින් සිටින බව. ඒ අනුව Dialog ආයතන විසින් ඔවුන්ගේ 1.4Gbps වේගයක් සහිත 5G Trail Network එක ශ්‍රී ලංකාව තුල මේ වෙන විට ව්‍යාප්ත කරමින් සිටිනවා. ඒ වගේම SLT-Mobitel ආයතනය විසිනුත් මේ වසරේදි ශ්‍රී ලංකාව තුල Pre Commercial ආකාරයට 5G Network එක ව්‍යාප්ත කිරිමට සුදානමින් ද සිටිනවා. දැනට ශ්‍රී ලංකාව තුල වේගවත්ම 5G Trail Network එකත් Hutch විසින් පසුගිය මැයි මාසයේදි දි පමණ හදුන්වා දෙනු ලැබුවා.

Source : Gizmochina, Speed Check

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna