Hutch විසින් ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G Trial Network එක එලිදැක්වීමට කටයුතු කරයි

Hutch විසින් ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G Trial Network එක එලිදැක්වීමට කටයුතු කරයි

ඔබට මතක ඇති Dialog සමාගම විසින් පසුගිය වසරේදි ඔවුන්ගේ 5G Trial Network එක ශ්‍රී ලංකාව සදහා හදුන්වා දෙනු ලැබුවා. ශ්‍රී ලංකාව තුල ජංගම දුරකථන සේවා සපයන තවත් ආයතනයක් වෙන Hutch ආයතනය විසින් ද ඔවුන්ගේ 5G Network එක පසුගිය දිනක දි සාර්ථක ලෙස අත්හදා බලනු ලැබුවා.

One Galle Faceහි පිහිටි Hutch Premier Experience Center එකේදි ඔවුන්ගේ 5G Trial Network එක විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ගෝලීය දැවැන්තයෙක් වන  ZTE ආයතනයත් සමග අතවැල් බැදගෙන සාර්ථක ලෙස අත්හදා බලනු ලැබුවා. ඒ වගේම මේ Trial Network Event එකේදි ශ්‍රී ලාංකාව තුල දැන⁣ට ජංගම දුරකථන සේවා සපයන ආයතනයක් විසින් 5G Network එක මගින් ලබා දුන් ඉහල වේගය ලබා දිමට හැකියාව ලැබුණා.

Ookla Global Broadband Speed Test Illustration එකට අනුව ශ්‍රී ලංකාව තුල අඩු ‌‌Low Latency (Ping) Rate එකක් සහිතව වැඩිම වේගයක් ලබා දෙන 5G Network එක බවට Hutch 5G Trial Network එක පත්වුවා. ඒ 1.8Gbps පමණ වේගයක් ලබා ගනිමිනුයි. Dialog 5G Trial Network එකේ දි 1.4Gbps පමණ වේගයකුත් Mobitel 5G Train Network එක මගින් 1.2Gbps පමණ වේගයකුත් ලබා දිමට එම ආයතන සමත් වුවා.

දකුණු ආසියාවේ Hutch 5G Network එක ලැබෙන පළමු රට ද ශ්‍රී ලංකාව වෙන අතර Hutch සමාගම මව් සමාගම වෙන CK Hutchison සමාගම විසින් ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, හොංකොං, අයර්ලන්තය, ඉතාලිය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය යව රටවල පසුගිය වසර දෙකක කාලය තුල ඉතා සාර්ථක ලෙස 5G Network එක ස්ථාපිත කිරිමට ක්‍රියා කර තිබෙනවා.

Hutch Premier Experience Center එකේදි පැවැති 5G Trial Network එක එළිදැක්විමේ අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂද සේනානායක මහතා, Hutch ප්‍රධාන විධායක නිලධාරීවෙන තිරුකුමර් නඩරාසා මහතා හා Hutch අයතන කළමණාකාරීත්වයේ නිළධාරින් කිහිප දෙනෙකුම සහභාගි වුවා.

Source : Hutch, Ada Derana Biz

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna