සමාජ මාධ්‍ය අවහිරය හවස 3:30 සිට ඉවත​ට

සමාජ මාධ්‍ය අවහිරය හවස 3:30 සිට ඉවත​ට

ඔබ දන්නා පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා රජය විසින් සියලුම සමාජ මාධ්‍යයන් අවහිර කිරිමට ක්‍රියා කර තිබෙනවා. එලෙස සමාජ මාධ්‍යයන් අවහිර කර තිබුණත් බොහෝ දෙනා VPN යොදා ගනිමින් නැවත් සමාජ මාධ්‍යයන් වෙත ප්‍රවේශ වෙන්න කටයුතු කර තිබෙනවා.

මීට පෙර ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වෙන නාමල් රාජපක්ෂ මහතා විසින් ද මෙලෙස සමාජ මාධ්‍යයන් අවහිර කිරීම නිශ්ඵල ක්‍රියාවක් බව Twitter සටහනක් ඔස්සේ පළ කර තිබුණ බවත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ නියාමන කොමිසමට නැවත සමාජ මාධ්‍යයන් වෙත ප්‍රවිශ්ඨ විමට ඉඩ දෙන දැනුම් දී තිබෙන බවත් අප ඔබ වෙත ගෙන ආවා.

ඒ අනුව මේ වෙන විට නිවේදනය කර ඇත්තේ අද (03) සවස 3.30න් පසු සියලු සමාජ මාධ්‍ය අවහිර කිරිම් නවතා දමන බවයි. ඒ අනුව අද සවස 3.30න් පසු නැවත සාමාන්‍ය පරිදි සමාජ මාධ්‍යයන් වෙත ප්‍රවේශ විමේ හැකියාව ලැබෙනු ඇත.

Source : News 1st

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna