ඉතිහාසයේ ප්‍රථමවරට Free Unlimited Night Time Data සමඟින් 300Mbps අධිවේගි අන්තර්ජාලය SLT-MOBITEL වෙතින්

SLT-MOBITEL සමාගම විසින් ඔවුන්ගේ සියලුම පසුගෙවුම් ADSL, 4G සහ Fiber පාරිභෝගිකයන් සඳහා ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට නොමිලේ Unlimited Night Time Data ලබා දෙන්න කටයුතු කර තිබෙනවා.

ඉතිහාසයේ ප්‍රථමවරට Free Unlimited Night Time Data සමඟින් 300Mbps අධිවේගි අන්තර්ජාලය SLT-MOBITEL වෙතින්

SLT-MOBITEL සමාගම විසින් පසුගිය වසර ආරම්භයේදී කිසිදු අමතර ගාස්තුවකින් තොරව ඔවුන්ගේ Fiber ජාලයේ වේගය දෙගුණ කිරීමට කටයුතු කරනු ලැබු බව ඔබට මතක ඇති. ඒ අනුව ඔවුන්ගේ Fiber ජාලය ඔස්සේ 200Mbps වේගයකින් යුතුව අන්තර්ජාලය භාවිත කිරීමේ හැකියාව ලබා දුන්නා.

මේ වසර ආරම්භයේදීත් ගිය වසර මෙන්ම Fiber ජාලයේ වේගය වැඩි කිරීමට මෙන්ම Unlimited Night Time Data ලබා දෙන්නත් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව SLT-MOBITEL Fibre පාරි‍භෝගිකයින් සඳහා මෙම වසර ආරම්භයේ සිට Downloads සඳහා 300Mbps දක්වා සහ Upload සඳහා 150Mbps දක්වා වු වේගයක් ලබා දීමට කටයුතු කර තිබෙන අතරම මේ සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකරන අතරම සෑම Fiber පාරිභෝගිකයකු සඳහාම සහ නව පාරිභෝගිකයින් සඳහාත් මෙය හිමි වනවා.

Image Source- SLTMOBITEL FACEBOOK PAGE

මේත් සමඟම SLT-MOBITEL සමාගම විසින් ඔවුන්ගේ සියලුම පසුගෙවුම් ADSL, 4G සහ Fiber පාරිභෝගිකයන් සඳහා ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට නොමිලේ Unlimited Night Time Data ලබා දෙන්න කටයුතු කර තිබෙනවා.

Image Source- SLTMOBITEL FACEBOOK PAGE

මේ Unlimited Night Time Data පහසුකම රාත්‍රි 12.00 සිට උදෑසන 07.00 දක්වා නොමිලයේ භාවිත කිරීමේ හැකියාව අතර සියලු පසුගෙවුම් පාරිභෝගිකයින්ට (Unlimited Packages භාවිත කරන පාරිභෝගිකයින්ට හැර) භාවිත කළ හැකි වනවා. කෙසේ වෙතත් පෙරගෙවුම් පාරිභෝගිකයින් සඳහා මෙම සේවාව ලබා ගත නොහැකි වනවා.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna