Samsung සමාගම විසින් Galaxy S21 Ultra මාදිලියේ අලෙවි කටයුතු නවතා දැමීමට කටයුතු කර​යි

Samsung සමාගම විසින් Galaxy S21 Ultra මාදිලියේ අලෙවි කටයුතු නවතා දැමීමට කටයුතු කර​යි

Samsung Galaxy S22 දුරකථන මාලාව අ​ද දිනයේ නිකුත් කිරීමට නියමිතව ඇති අතර Galaxy S22 Device එක පිළිබඳව නිකුත් වූ නිල නොලත් තොරතුරු සියල්ලම අපි ඔබ වෙත ගෙන ආවා ඔබ මතක ඇති. මෙයත් සමඟම Samsung සමාගම අ​ද දිනයේ ගනු ලබන තවත් තීරණයක් පිළිබඳ මේ වන විට අන්තර්ජාලයේ දැඩි සේ කතාබහට ලක්වනවා.

ඒ තමයි අද (පෙබරවාරි 09) සිට ඔවුන්ගේ S21 Ultra Smartphone එකෙහි අලෙවි කටයුතු නවතා දැමීමට සූදානම් වීම.

ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය සහ ඇමෙරිකාවේ නිල Samsung වෙබ් අඩවි තුළ දැනටමත් S21 Ultra Smartphone එකෙහි අලෙවිය නවතා දමා තිබෙනවා. කෙසේ වෙතත් මේ වෙබ් අඩවි තුළ තවදුරටත්  Galaxy S21, S21+ සහ S21 FE Devices මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.

මේ දුරකථනය නුදුරේදීත් තෙවන පාර්ශවීය වෙළෙදුන්ගෙන් (3rd Party Sellers) මිලදී ගත හැකි අතර එය ඉතා අඩු මුදලක් වනු ඇතැයි බොහෝ විචාරකයින් පවසනවා.

කෙසේ වෙතත් S22 Series එක නිකුත් වෙද්දීම මෙතරම් ඉක්මනින් ඊට පෙර නිකුත් වූ S21 Ultra Device එකෙහි පමණක් මෙසේ අලෙවි කටයුතු නවතා දැමීම විමතියට කරුණක්.

Source: GSM Arena

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna