Galaxy 22 දුරකතන මාලාව එලිදැක්වීම පෙබරවාරි 9 වන දින සිදු කරන බව Samsung සමාගම ​නිල වශයෙන් දැනුම් දේ

Galaxy 22 දුරකතන මාලාව එලිදැක්වීම පෙබරවාරි 9 වන දින සිදු කරන බව Samsung සමාගම ​නිල වශයෙන් දැනුම් දේ

Samsung සමාගමේ මිලග Galaxy Unpacked Event එක පෙබරවාරි මාසයේදි පැවැත්වීමට නියමිත බවට අපි ඔබ වෙත මීට පෙර තොරතුරු ගෙන ආවා. ඒ අනුව Samsung සමාගම විසින් ඔවුන්ගේ මිලග Galaxy Unpacked Event එක වෙන Next Generation Galaxy S22 Flagship Smartphones Series එක එළිදැක්වීම පෙබරවාරි 09 වෙනි දින සිදු කරන බව මේ වෙන විට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

ඒ වගේම තවමත් මේ Galaxy S22 Series එක එළිදැක්වා නොමැති වුවත්, එළිදැක්වු විගස තමන්ගේ Device එක ලබා ගැනිමට අවශ්‍ය අය සදහා වෙන් කරවා ගැනිම් සිදු කිරිමේ අවස්ථාව මේ වෙන විට ලබා දි තිබෙනවා.

Galaxy S22 Series එක යටතේ අපි මීට පෙර ඔබ වෙත තොරතුරු වාර්තා කළා මෙන්ම Galaxy S22, S22 Plus හා S22 Ultra ලෙස Devices තුනක් නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන් අතරම මින් එකක් Samsung සමාගම විසින් නවතා දැමු Galaxy Note Series එක සදහා ආදේශයක් ලෙස හදුන්වා දෙනු ඇතැයි ද එය බොහෝ විට Galaxy S22 Ultra වෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුළුවන්. මීට අමතරව Galaxy S22 Series එක සදහා S Pen සහයත් ලබා දෙනු ඇත.

Galaxy Unpacked Event Official Trailer 

Galaxy S22 Series එක Qualcomm Snapdragon 8 Gen 1 chipset එකෙන් හා Exynos 2200 Chipset මගින් බලගැන්වෙනු ඇති අතර Region එක අනුව Device එක සතු වෙන Chipset එක වෙනස් වෙනු ඇත.

  1. Europe - Exynos
  2. North America - Snapdragon
  3. South America - Snapdragon
  4. East Asia - Snapdragon
  5. South East Asia/Oceania - Snapdragon
  6. West Asia - Exynos & Snapdragon
  7. Middle East Asia - Exynos & Snapdragon
  8. Africa - Exynos & Snapdragon

ඒ වගේම Galaxy S22 Series එක ඩොලර් 899ක ආරම්භක මිලක් සහිතව වෙළෙඳපොළට නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මීට අතරව මේ Galaxy Unpacked Event එකේදි Model තුනකින් සමන්විත Galaxy Tab S8 එකත් එළිදැක්වීමට නියමිතව තිබෙනවා. මෙයත් එළිදැක්වු විගස ලබා ගැනිමට නම් කලින් වෙන් කරවා ගැනිමේ හැකියාව ලබා දි තිබෙනවා.

Source: Samsung, Gizmochina, Sam Mobile

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna