Samsung Galaxy S22 series එකට Android 13 Beta නුදුරේදී​ම

Samsung Galaxy S22 series එකට Android 13 Beta නුදුරේදී​ම

Google සමාගමේ නවතම Android සංස්කරණය වන Android 13 නැතිනම් Tiramisu සංස්කරණයේ Beta Version මේ වන විට Google සමාගමේ Pixel Smart Phones සදහා ලබා ගැනිමේ හැකියාව ලබා දී ඇති අතර ඔබට මතක ඇති පසුගිය දිනක අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා Samsung සමාගම විසින් මේ වෙන විට Android 13 මත පදනම් වු One UI 5.0 සංස්කරණයේ Development ආරම්භ කර ඇති බව.

මේ වෙන විට වාර්තා වන නවතම තොරතුරුවලට අනුව One UI 5.0 සමග Android 13 Beta සංස්කරණයන් Samsung සමාගමේ Galaxy S22 Series එක සදහා ලගදීම ලබා දීමට Samsung සමාගම සුදානම් බවට වාර්තා කරන්න පුලුවන්. ඒ අනුව එළැඹෙන ජුලි මාසයේදී පමණ Galaxy S22 Series එක සදහා Android 13 Beta Update ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

කෙසේ වෙතත් තවමත් මේ පිළිබඳ Samsung සමාගම විසින් කිසිදු නිල තොරතුරක් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඉදිරි සති කිහිපය තුල ඔවුන් විසින් Android 13 සංස්කරණය Samsung Devices වෙත ලබා දීම පිළිබඳව තොරතුරු නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources:
Android Authority

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna