Samsung සමාගම OneUI 5.0හි development අරඹ​යි

Samsung සමාගම OneUI 5.0හි development අරඹ​යි

පසුගිය මැයි මාසයේදී Google සමාගම විසින් Android 13 Beta Program එක ආරම්භ කළ අතර ඒ සදහා සුදුසුකම් සපුරන Pixel Devices සදහා මේ Beta Program එකට සහභාගි වීමේ අවස්ථාවත් ලබා දීම ආරම්භ කරනු ලැබුවා. ඒ වගේම දැනට Android 13 පිළිබඳ වාර්තා වෙන තොරතුරුවලට අනුව එළඹෙන අගොස්තු මාසයේදී පමණ මේ Android 13 සංස්කරණය නිකුත් වීමට නියමිත බවත් දක්වන්න පුලුවන්.

Android Smart Phones ලොවේ දැවැන්තයා ලෙස නම් දරන Samsung සමාගම විසින් මේ වෙන විටත් Android 13 සංස්කරණය සදහා ගැලපෙන ලෙස වැඩි දියුණු කරන ලද One UI සංස්කරණය පිළිබඳ කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව Samsung සමාගමේ One UI 5.0 සංස්කරණය Android 13 මත පදනම්ව නිර්මාණය කිරිම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම පසුගිය වසරේ මෙන් One UI 4.5 සංස්කරණයක් ලබා නොදෙනු ඇති අතර ඒ වෙනුවට One uI 4.1.1 සංස්කරණයක් මෙම වසරේ දෙවෙනි කාර්තුවේදී පමණ Samsung සමාගම විසින් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

කෙසේ වෙතත් තවමත් One UI 5.0 සදහා Samsung සමාගම විසින් ලබා දීමට නියමිත වෙන Features මොනවා දැයි යන්න පිළිබඳ තවමත් කිසිදු තොරතුරක් නිකුත් වි නොමැති අතර UI Animationsවල විශාල වෙනස්කම් සිදු විමට ඉඩ ඇති බවට වාර්තා වෙනවා.

Sources: Sammobile Gizmochina Samsung Community

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna