Samsung Galaxy Note Series පසුව අවසන් ගමන් යෑමට සැරසෙන Fan Edition Series එ​ක

Samsung Galaxy Note Series පසුව අවසන් ගමන් යෑමට සැරසෙන Fan Edition Series එ​ක

ඔබට මතක ඇති 2020 වසරේදී Samsung සමාගම විසින් 2018 වසරේදී Galaxy Note 7 FE Device එකත් සමග නවතා දැමුණු Galaxy Fan Edition Series එක Galaxy S20 FE Smart Phone එකත් සමගින් නැවත ඇරඹීමට කටයුතු කරනු ලැබුවා. ඉන් පසුව මේ Galaxy FE Series එක යටතේ පසුගිය වසරේදී Galaxy S21 FE Smart Phones එකත් නිකුත් කීරිමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව මේ වසරේදීත් Galaxy FE Series එකේ Smart Phone එකක්, නැතිනම් Galaxy S22 FE Smart Phone එක නිකුත් වීමට නියමිතව තිබෙනවා. කෙසේ වුවත් මේ වෙන විට වාර්තා වෙන තොරතුරුවලට අනුව Galaxy S22 FE Smart Phone එක නිකුත් නොවෙනු ඇතැයි සදහන් කරන්න පුලුවන්.

මෙලෙස වාර්තා වෙන තොරතුරුවලට අනුව Samsung සමාගම විසින් ඔවුන්ගේ Fan Edition Series එකම නවතා දැමීමට සුදානමින් සිටින බව කියන්න පුලුවන්. එනම් මේ වසරට නියමිත Galaxy S22 FE Smart Phone එක හෝ ඉදිරියේදී නැවත Galaxy Fan Edition Series එක යටතේ Smart Phone එකක් නිකුත් නොවෙනු ඇත.

මෙලෙස Galaxy Fan Edition Series එක නවතා දැමිමට ඔවුන් සුදානම් වෙන්නේ Galaxy A Series එක මේ වෙන විට Fan Edition එක අභිබවා යන තරමට වු Specificationsවලින් යුතුව නිකුත් කිරිමට කටයුතු කරන බැවින් විය හැකි බව අනුමාන කරන්න පුලුවන්. කෙසේ වෙතත් තවමත් මේ පිළිබඳ Samsung සමාගම විසින් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැති අතර මේ පිළිබඳ තොරතුරු ලද සැනින් ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.

Source: Sam Mobile, Android Authority

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara