Android TV 10 වලින් බල ගැන්වෙන Redmi Smart TV X Series එක එලි දැක්වීමට කටයුතු කරයි

Redmi Smart TV X Series එකේ X50 Model එක $454 කටත් X55 Model එක $537 කටත් X65 Model එක $798 කටත් ඉන්දියාව තුළ නිකුත් උනා.

Android TV 10 වලින් බල ගැන්වෙන Redmi Smart TV X Series එක එලි දැක්වීමට කටයුතු කරයි

මෙම Redmi Smart TV X Series රූපවාහිනී තිරයේ ප්‍රමාණය අනුව මාදිලි තුනකින් එළිදැක්වුණා. එනම්, අගල් 50 ක තිරයක් සහිත X50 Model එකත් අගල් 55 ක තිරයකින් යුත් X55 Model එකත් අගල් 65 තිරයකින් යුත් X65 Model එකත් ආදී ලෙසටයි.

මෙම සියලු මාදිලි 4K HDR LED තිරයන්ගෙන් සමන්විත වෙනවා. Redmi Smart TV X Series එක Android TV 10 මගින් බලගැන්වෙන අතර HDR 12 Bit දක්වා Dolby Vision Format එක සහය දක්වනවා.

Redmi Smart TV X Series එකේ TV තුළ 64 bit Quad Core MediaTek Processor එකක් අඩංගු වන අතර 2 GB RAM එකකින් සහ Apps සහ අනෙකුත් Data තබා ගැනීමට 16 GB Storage එකකුත් අඩංගු වේ. මෙහි auto low-latency mode (ALLM) අඩංගු වන නිසා Gaming වලදී හොද Performance එකක් බලාගන්න පුලුවන්.

මේවායෙ HDMI 2.1 Ports තුනක් අඩංගු වන අතර එකක් eARC සහය දක්වනවා. ඊට අමතරව මෙහි USB Ports 2 ක් dual band Wi-Fi connectivity එකක් 3.5 mm audio connectivity සහ Bluetooth 5.0 පහසුකමත් අඩංගු කර ඇත.

මෙහි Android TV 10 අඩංගු වන නිසා Android TV Launcher එක හරහා Google Assistant වෙත පිවිසීමේ පහසුකම ලැබෙනවා. මීට අමතරව Google Chromecast මේ තුළම අඩංගු කර ඇති අතර Mi Home App එක මෙම රූපවාහිනී තුළ අඩංගු කර ඇති IoT උපාංග මෙම රූපවාහිනී වෙත සහය දක්වයි.

Redmi Smart TV X Series එකේ X50 Model එක $454 කටත් X55 Model එක $537 කටත් X65 Model එක $798 කටත් ඉන්දියාව තුළ නිකුත් උනා.

Source: NDTV

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna