Snapdragon 888 සහ 120Hz AMOLED screen එකකින් බල ගැන්වෙන Realme GT දුරකතනය එලිදැක්වීමට කටයුතු කරයි

Snapdragon 888 සහ 120Hz AMOLED screen එකකින් බල ගැන්වෙන Realme GT දුරකතනය එලිදැක්වීමට කටයුතු කරයි

Realme GT 5G ලෙසින් නිකුත් වූ මේ ජංගම දුරකතනය වශයෙන්ම මෑතකදී release වුණු Xiaomi K40 Pro දුරකථනයට අභීයෝගයක් ලෙසින් Realme සමාගම විසින් නිකුත් කල ජංගම දුරකතනයක් ලෙස සැලකිය හැකි තරම් විශේෂාංග රැසකින් යුතු ජංගම දුරකතනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අපි මීට පෙර ඔබ වෙත Xiaomi K40 Pro දුරකථනය පිළිබද ගෙන ආ ලිපිය මෙතැනින් කියවන්න.

අද අපි මේ Realme GT මේ අලුත්ම තරගකරුවා ගැන කෙටියෙන් විමසා බලමු.

Display

මේ device එකේ display එක විදියට අගල්
6.43 ක Super AMOLED display එකක් සහ මේකෙ resolution එක වෙන්නෙ 1080 x 2400 විදියටයි.මේ display එකට 120 Hz refresh rate එකක් තියෙනවා.මේ Display එකේ screen to body ratio එක වෙන්නෙ 85.9%.

Chipset, Ram, Storage

මේක බලගැන්වෙන්නෙ Qualcomm Snapdragon 888 5nm flagship processor එකෙන්.

මේකෙ Ram එක සහ Storage එක අනුව මාදිලි 2 කින් මිලදී ගන්න පුලුවන්. එනම්, 128GB Storage එකක් සමග 8GB RAM හා 256GB Storage එකක් සමග 12GB RAM අදී ලෙසටයි.

ඒ වගේම micro SD card එකක් මගින් storage එක expand කරගැනිමේ හැකියාවත් නැත.

OS

මේ device එකේ operating system විදියට එන්නෙ Android 11 base කරගෙන නිර්මාණය වුණු Realme UI 2 .

Battery

මේකෙ battery එක විදියට Li-Po 4500 mAh, non-removable battery එකක් සහ මේ device එකට 65W fast charging පහසුකමත් තියෙනවා.

Camera

මේ device එකට තියෙන්නෙ triple rear camera setup එකක්. එය 64-megapixel primary wide angle camera එකකිනුත් 8-megapixel ultra wide camera එකක් හා 2-megapixel macro camera එකකිනුත් විදියට camera 3 කින් සමන්විත වෙනවා.

මේකට  4K videos 60fps දක්වාත් 1080p videos 240fps දක්වාත් රෙකෝඩ් කරන්න පුලුවන්. ඊට අමතරව gyro-EIS පහසුකමත් අඩංගු වෙනවා.

මේකෙ selfie camera එක විදියට 16 MP, f/2.5 aperture එකක් තියෙන wide angle camera එකක් බලාගන්න පුලුවන්.මේ selfie camera එකට 1080p video 30fps වලින් record කරීමෙ හැකියාව පවතිනවා.

Sensors

ඒ වගේම මේක sensors විදියට Under Display Fingerprint, accelerometer, gyro, proximity, compass යන sensors බලාගන්න පුලුවන්.

Price

Realme GT 5G දුරකථනයේ 8GB/128GB model එක ආසන්න වශයෙන් 433$ කුත් 12GB/256GB model එක ආසන්න වශයෙන් 510$ මිලකට චීනය තුළ නිකුත් උනා.

Sources: Android Authority, GSMArena

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara