Realme සමාගම විසින් 2021 වසර මැදදී laptop වෙලඳපලට පිවිසීමේ සූදානමක් ඇතැයි නිල නොවන ආරංචි මාර්ග විසින් හෙලි කෙරේ

Realme සමාගම විසින් 2021 වසර මැදදී laptop වෙලඳපලට පිවිසීමේ සූදානමක් ඇතැයි නිල නොවන ආරංචි මාර්ග විසින් හෙලි කෙරේ

සැම චින දුරකථන නිෂ්පාදන සමාගමක්ම මේ වන විට ඔවුන් නිෂ්පාදන පරාසය පුළුල් කරමින් සිටිනවා. මේ වන විට Realme සමාගමත් ඔවුන්ගේ නිෂ්පාදන සදහා Realme Laptop එකතු කර ගැනිමට සුදානමින් සිටිනවා.

Realme කියන්නේ මේ වන වි⁣ට Smart Phone Industry එක තුල පවතින ලාබාලතම Smart Phone Brand එක. පසුගිය වසරේදි ඔවුන් ඔවුන් Lifestyle products, Smart TVs හා AIoT products නිෂ්පාදනය ආරම්භ කරමින් ඔවුන්ගේ නිෂ්පාදන පරාසය වැඩි කර ගනු ලැබුවා. ඒ වගේම මේ වන විට ඔවුන් Realme Laptops නිෂ්පාදනය මේ වසර මැද වන විට ආරම්භ කිරිමට සුදානමින් සිටින බවයි වාර්තා වෙන්නේ. එනම් ඔවුන්ගේ පළමු Realme Laptop Model එක මේ වසර මැද නිකුත් වනු ඇතැයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ පිළිබඳ තවත් තොරතුරු දක්වමින් ප්‍රසිද්ද Leaker කෙනෙක් වෙන Mukul Sharma විසින් Tweet Post එකක් පල කර තිබුණා. ඉට අනුව Realme Laptop මේ වසර ජුනිවලදි නිල වශයෙන් නිකුත් විමට හැකියාවක් ඇති බවයි කියන්න පුළුවන්.

කෙසේ වෙතත් තවමත් නිල වශයෙන් මේ පිළිබඳ තොරතුරු පල වි නොමැති අතර ඉදිරියේදි මේ Laptops වල Specifications ආදිය නිකුත් වනු ඇතැයි අපේක්ෂා කරන්න පුළුවන්. බොහෝ විට Windows 10 OS එක සහිතව Intel හෝ AMD Processor එකකින් බලගැන්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මිට අමතරව මේ Laptops බොහෝ විට චීන හා ඉන්දිය වෙළදපොල ඉලක්ක කර එළිදැක්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Gizmochina

Read more

Xiaomi 14 දුරකතන මාලාව ලොව පුරා එලිදැක්වීමට Xiaomi සමාග​ම කටයුතු කර​යි

Xiaomi 14 දුරකතන මාලාව ලොව පුරා එලිදැක්වීමට Xiaomi සමාග​ම කටයුතු කර​යි

Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Xiaomi Flagship Series එකේ නවතම සමාජිකයින් ලෙස Xiaomi 14 සහ Xiaomi 14 Ultra පසුගියදා පැවැත්වුණ MWC 2024 Event එකේදී එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.

By Bhasura Nuwan Kularathna