නව මුහුණුවරකින් PUBG Mobile නැවතත් ඉන්දියාවට ලබා දීමට PUBG Corporation සූදානම් වේ

නව මුහුණුවරකින් PUBG Mobile නැවතත් ඉන්දියාවට ලබා දීමට PUBG Corporation සූදානම් වේ

ආරක්ෂක හේතූන් මත ඉන්දීය රජය විසින් තවත් චීන යෙදුම් සිය ගණනක් සමඟ PUBG ජංගම දුරකථන ක්‍රීඩාව තහනම් කර මාස දෙකකට පසුව, PUBG Corp අවසානයේ ක්‍රීඩාව නැවත රට තුළට ගෙන ඒමට සූදානම් වේ. PUBG Corporation සමාගම පුවත්පත් නිවේදනයක් මගින් නිවේදනය කර ඇත්තේ එය ඉන්දියාව සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද “PUBG Mobile India” යන නව නමින් ක්‍රීඩාව ඉන්දියාවට ගෙන එන බවයි.

ඒ සමගම ඉන්දියානු සමාගමක් විසින් PUBG Game එකට ආදේශයක් විදිහට නිපදවන FAU-G Game එක ගැනත් අපි තොරතුරු ගෙන ආවා.

පසුගිය දින කිහිපය තුළ PUBG Corporation සමාගම ඉන්දියාවට නැවත පැමිණීමට සැලසුම් කර ඇති බවත්, දීපවාලි සඳහා දැන්වීම් පළ කරමින් පවසා තිබුණේ ඒ සඳහා අවශ්‍ය කටයුතු ඉහළ පෙළේ අය සමඟ සාකච්ඡා කරන බවත් ය.

PUBG Corporation සමාගම සිය පුවත්පත් නිවේදනයෙහි දැක්වා ඇත්තේ,

ඉන්දියාවේ PUBG ක්‍රීඩා සඳහා ඇති ප්‍රජා උද්යෝගයට ස්තූතිවන්ත වන අතර, විශාලතම තරඟාවලි, විශාලතම ත්‍යාග සංචිත සහ හොඳම තරඟාවලිය ඇතුළත් වන ඉන්දියාවට පමණක් ආවේණික ක්‍රීඩා ඉසව් සඳහා සත්කාරකත්වය සපයමින් ආයෝජන සිදු කිරීමට PUBG Corporation සමාගම සැලසුම් කරන බවයි

PUBG ක්රීඩාව ඉන්දියානු අවශ්යතා අනුව වෙනස්කම් සමඟ පැමිණෙනු ඇත. විශේෂයෙන් ඉන්දියාවේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ගත් කල, PUBG Corporation සමාගම පවසන්නේ

ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ ඔවුන්ගේ දත්ත ආරක්ෂිතව කළමනාකරණය කිරීම සහතික කිරීම සඳහා ඉන්දියානු පරිශීලකයින්ගේ පුද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු රඳවා තබා ගන්නා ගබඩා පද්ධති පිළිබඳව නිරන්තර  Update සිදුකරන බවයි.

ක්‍රීඩාවේ යම් යම් වෙනස්කම් ද සිදුවනු ඇත. ක්‍රීඩාවට දැන්  green hit marker ඇති අතර එය සදහා virtual simulation training ground සැකසෙනු ඇත. අප දන්නා PUBG ජංගම දුරකථනයට වඩා මෙම ක්‍රීඩාව කොතරම් වෙනස් වේදැයි මට හරියටම විශ්වාස නැත, නමුත් එය බොහෝ වෙනස් නොවනු ඇතැයි අපේක්ෂා කරමු.

PUBG Corporation සමාගම තවමත් නව ක්‍රීඩාව release කිරීමේ දිනයක් ප්‍රකාශයට පත් කර නැති නමුත් අපි ඒ ගැන වැඩි විස්තර ඉක්මනින් දැනගැනිමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

Source: Tech Crunch, 91mobiles

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara