PUBG Mobile සමග තවත් චීනයේ නිර්මාණය වූ Apps 117 තහනම් කිරීමට ඉන්දියානු රජය පියවර ගනී

PUBG Mobile සමග තවත් චීනයේ නිර්මාණය වූ Apps 117 තහනම් කිරීමට ඉන්දියානු රජය පියවර ගනී

ඔබට මතක ඇති අපි මිට පෙර චීන සම්භවයක් සහිත App 59ක ලැයිස්තුවක් ඉන්දිය රජය විසින් තහනම් කල බවට ඔබ වෙත වාර්තා කලා.

ඒ වගේම ඉන් පසුව ඉන්දිය රජය විසින් තවත් App 47 ක් තහනම් කිරිමට සුදානම් වෙක බවට අපි වාර්තා කලා. මෙහි PUBG හා TikTok වැනි ඉන්දියාව තුල අතිශය ජනප්‍රිය App ද පැවතුනා.

දැන් වෙනකොට මේ චීන App තහනම් කිරිමේ තවත් පියවරක් විදිහට චීන App 118 තහනම් කරන්න ඉන්දිය රජය කටයුතු කරල තියෙනවා. මේ අනුව Ministry of Electronics and Information Technology මගින් මේ තහනම් කල App 118ට පිළිබඳව විස්තර ඉදිරිපත් කර තිබෙනවා.

මේ ලැයිස්තුව අතරට PUBG Mobile Game එකක් ඇතුලත් වි තිබෙනවා. කෙසේ වෙතත් පළමු App තහනමේ දි මෙය තහනමට ලක් නොවුවත් අද PUBG Mobile & Mobile Lite කියන Version දෙකම තහනම් කිරිමට ඉන්දිය රජය කටයුතු කරල තියෙනවා.

ඒ අනුව ඉදිරියේ දි ඉන්දියාව තුල iOS හා Android Devices සදහා ක්‍රියාකල නොහැකි වනු ඇත. ඒ අනුව Apple Store හා Android Play store වෙතින් ඉදිරියේදි ඉන්දියානු කලාපය සඳහා PUBG App එක ඉවත් කරනු ඇත.

ඉන්දිය රජය විසින් තහනම් කරන ලද මේ App 118 අතර Rise of Kingdoms, Art of Conquest, Arena of Valor වැනි Apps ද තහනම් කර තිබෙනවා.

Sources : Beebom

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna