PlayStation Store හරහා Movies සහ TV shows මිලදී ගැනීමේ හා rent කිරීමේ පහසුකම නවතා දැමීමට තීරණය කරයි

PlayStation Store හරහා Movies සහ TV shows මිලදී ගැනීමේ හා rent කිරීමේ පහසුකම නවතා දැමීමට තීරණය කරයි

PlayStation Store තුළින් Movies සහ TV Shows මිලදීගැනීමේ හා rent කිරීමට ඇති පහසුකම 2021 අගෝස්තු 31 වැනිදා සිට නතර කරනා බවට Sony සමාගම විසින් ඔවුන්ගේ blog අඩවියෙන් නිවේදනය කර ඇත.

මේ සදහා හේතුව PlayStation භාවිතා කරන්නන්ගෙන් බොහෝ පිරිසක් Netflix, HBO Max, YouTube, Amazon Prime Video වගේ subscription සහ ad-based streaming services යොමුවීම ඉතා වේගයෙන් සිදුවන නිසා බවයි ඔවුන් පවසන්නෙ.

කෙසේ වෙතත් ඔවුන්ගේ මෙම සේවා අහිටුවීම PlayStation භාවිතා කරන්නන්ට නම් එතරම් ගැටලුවක් ඇති නොකරයි.ඊට හේතුව වන්නේ කිසිදු ගැටලුවකින් තොරව PlayStation තුළ Netflix, HBO Max, YouTube, Amazon Prime Video වගේ streaming services වල apps දැනටමත් PlayStation store එක තුළින් ලබාගත හැකි වීමයි.

නමුත් දැනට මිලදීගෙන ඇති Movies සහ TV Shows ඔබට PS4, PS5 හෝ Mobile Devices හරහා නැරඹීමට හැකියාව ලබාදෙන බවයි ඔවුන් පවසන්නේ.

මෙතෙක් ඔවුනට දැක්වූ සහයෝගයට ඔවුන්ගේ රසිකයන්ට ස්තූතිවන්ත වන බව හා ඉදිරියේදී PlayStation තුළින් ගත හැකි entertainment experience එක තව දුරටත් වැඩි දියුණු කරන බවත් ඔවුන් එම ලිපියෙන් ප්‍රකාශ කර ඇත.

Source: PlayStation Blog

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara