Oppo සමාගම විසින් විනා​ඩි 9කින් බැටරිය 100% charge කරන 240W SuperVOOC Flash Charging තාක්ෂණය හදුන්වා ​දේ

Oppo සමාගම විසින් විනා​ඩි 9කින් බැටරිය 100% charge කරන 240W SuperVOOC Flash Charging තාක්ෂණය හදුන්වා ​දේ

පසුගිය කාලවකවානුව තුළ fast charging තාක්ෂණය ශීඝ්‍රයෙන් දියුණුවට පැමිණිය අතර වෙළදපොලට නිකුත් වුණු දුරකථන 120W වැනි ඉහළ අගයක් දක්වා නිකුත් වුණු අතර 200W වැනි අගයන් පර්යේෂණ මට්ටමේ පවතින බවත් අසන්නට ලැබුණා.

මෙවර MWC 2022 event එකේදී Oppo සමාගම විසින් ඔවුන්ගේ 240W SuperVOOC Flash Charging තාක්ෂණය එලිදැක්වීමට කටයුතු කළ අතර ඔවුන් 4500mAh දාරිතවයකින් යුත් බැටරියත් සම්පූර්ණයෙන් ආරෝපණය කිරීමට ගතවන්නේ මිනිත්තු 9 ක කාලයක් බවත් එය 50% ආරෝපණය කිරීමට ගතවන්නේ මිනිත්තු 3 1/2 ක කාලයක් බවයි පෙන්වාදීමට කටයුතු කරන ලදී.

කෙසේවෙතත් මෙම තාක්ෂණය වෙළදපොලට පැමිණෙන්නේ කවදාද යන වගක් නම් එම සමාගම දක්වා නැත. මේ වන විටත් ඔබටත් අපටත් ඇතිවන ගැටලුවක් වන්නේ මෙහෙදී බැටරියේ ආයුකාලය සිදුවන හානිය කොතරම්ද යන වග සහ එය ආරෝපණයේදී පරිශීලකයින්ට ලැබෙන ආරක්ෂාව කෙසේද යන වගය. මේ වන විට නම් ඒ පිළිබඳව තොරතුරු නම් ලැබී නැත.

Fast charging මගින් බැටරියට වන බලපෑම ගැන සවිස්තරාත්මක ලිපියක් අප ඔබට මින් පෙරදී ගෙන ආවා.

කෙසේ වෙතත් Oppo සමාගම විසින් මෙවැනි තාක්ෂණයක් හදුන්වාදුන් පළමු අවස්ථාව මෙය නොවන අතර 150W fast charging මොවුන් විසින් හදුන්වාදුන් අතර එය ඉදිරි කාලයේදී Oppo, Realme, සහ OnePlus දුරකථන සමග පැමිණනු ඇති අතරම එම තාක්ෂණයදී ආරෝපණ වාර 1600 කට පසු බැටරියේ දාරිතාවය 80% පවත්වාගත හැකි බව ඔවුන් මේ වනවිට පෙන්වාදී තිබේ. 240W fast charging පහසුකම වෙලදපොලට පැමිණීමට නම් තවත් වසර කිහිපයක් ගතවනු ඇත.

Source: Android Authority

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna