චීනය සඳහා නිපදවන OnePlus දුරකතන වලට HydrogenOS වෙනුවට OPPOහි ColorOS භාවිතා කිරීමේ සූදානමක් පිලිබඳ තොරතුරු වාර්තා වේ

චීනය සඳහා නිපදවන OnePlus දුරකතන වලට HydrogenOS වෙනුවට OPPOහි ColorOS භාවිතා කිරීමේ සූදානමක් පිලිබඳ තොරතුරු වාර්තා වේ

OnePlus සමාගම කියන්නේ පසුගිය වර්ෂ කිහිපය තුළ smartphone කර්මාන්තය තුළ ඉතාමත් සාර්ථක වූ සමාගමකි. මෙම සමාගමෙන් නිකුත් වුණු වුනු දුරකථන වල android මූලික කරගෙන නිර්මාණය වුණු ඔවුන්ගේම ඔවුන්ගේම UI එකක් දක්නට ලැබුණා. මෙම දුරකථන වලට ඔවුන් ලබාදුන් UI කාණ්ඩ දෙකක් යටතේ ඔවුන් නිකුත් කරනු ලැබුවා.

එනම්, චීනය තුළ Hydrogen OS ලෙසිනුත් චීනයෙන් පිටත එහෙමත් නැත්නම් Globally Oxygen OS ලෙසින් වූ OnePlus දුරකථන සමග ඔවුන්ගේ UI එකක් පැමිණුනි. දැන් අප විග්‍රහ කරන මෙම පුවතට අනුව OnePlus සමාගම සැරසෙනුයේ චීනය තුළ OnePlus දුරකථන තුළ නිකුත් වුණු Hydrogen OS එක වෙනුවට OPPO සමාගමේ Color OS එක සමගින් පැමිණෙනු ඇති බවයි.

මේ පිළිබදව අපගේ අවධානයක් යොමු වන්නේ XDA හි Senior Member කෙනෙක් වන hikari_calyx විසින් OnePlus හි නිල QQ Group එක තුළ කල චෝදනා නිවේදනයක් පිළිබදවයි. එය පහතින් දැක්වේ.

මෙම නිවේදනයට අනුව චීනයේ Hydrogen OS හි නිල වෙබ් අඩවිය මාර්තු 24 වන දින වසා දමන බවත් OTA Server එක අප්‍රේල් 1 වන දින වසා දමන බවත් දැක්වෙයි. එය චීනය තුළ Hydrogen OS හි අවසානය සලකුණු කරයි. තවද, චීනයේ OnePlus උපාංග වල ධාවනය වුණු Hydrogen OS වලින් OPPO හි Color OS ධාවනය වෙත මාරු වන අතර ඒවා චීනයේ OPPO වෙළඳසැල හරහා ද විකුණනු ඇති බවත් එම නිවේදයෙන් ප්‍රකාශ කර ඇත.

මෙම චෝදනා නිවේදනය පිළිබදව විවිධ OnePlus පරිශීලකයන් විවිධ අදහස් ප්‍රකාශ කරයි. සමහර පරිශීලකයන් මෙවැනි වෙනසක් සිදු වුවහොත් එම වෙනසට කැමති බවත් අනෙක් පිරිස එයට අකමැති බවත් ආදී වශයෙන් සමූහ තුළ සාකච්ඡා කරනු ලබයි. මෙම වෙනස්වීම OnePlus 9 Series එක චීනය තුළ නිකුත් වීමේදී සිදුවනු ඇතැයි පරිශීලකයින් විශ්වාස කරයි.

XDA විසින් OnePlus සමාගමෙන් මේ චෝදනා නිවේදනය පිළිබදව ලබාගත් ප්‍රකාශයක් ලබාගැනීමේදී ඔවුන්ගේ පැහැදිලි කිරීම මෙසේය.

" We don’t have any updates about HydrogenOS to share at the moment, but we can confirm that OxygenOS remains our operating system for all global devices "  - OnePlus spokesperson

මෙයින් කියැවෙන්නේ ඔවුනට මෙම මොහොතේදී HydrogenOS එක පිළිබදව ලබාදීමට කීසිදු තොරතුරක් නොමැති බවත් Globally නිකුත් වන දුරකථන OxyenOS එක සහිතව නිකුත් වන බව තහවුරු කළ හැකි බවත්‍ ය.

කෙසේවෙතත් පෙර ඉදිරිපත් කළ චෝදනා නිවේදයනට අනුව මෙම වෙනස සිදුවුවහොත් සිදුවන්නේ චීනය තුළ නිකුත් වන OnePlus දුරකථන සඳහා පමණි.

Source: XDA Developers

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara