OnePlus 9R 5G ජංගම දුරකතනය Gaming Triggers සමඟින් මාර්තු 23 වන දින එලි දක්වන බවට තොරතුරු වාර්තා වේ

OnePlus 9R 5G ජංගම දුරකතනය Gaming Triggers සමඟින් මාර්තු 23 වන දින එලි දක්වන බවට තොරතුරු වාර්තා වේ

ඉදිරියේදී නිකුත් වීමට නියමිත OnePlus 9 Series එක පිළිබද දැනට නිකුත් වී ඇති නිලලත් නිලනොලත් බොහෝ පුවත් අප වෙබ් අඩවියෙන් ඔබ වෙත ගෙනඑනු ලැබුවා. අද අප විග්‍රහ කරන්නේ OnePlus 9 Series එක තුළින් නිකුත් වීමට නියමිත අලුත් සාමාජිකයකු පිළිබදවයි. එය කුමක්ද යන්න OnePlus සමාගම විසින් ඔවුන්ගේ OnePlus India නිල twitter ගිණුමේ පළ කර තිබුණි. එය පහතින් දැක්වේ.

මෙහි දැක්වෙන ආකාරයට එය OnePlus 9R 5G ලෙස නම් කර ඇත. ඔවුන් පවසන්නෙ මෙය දැරිය හැකි මුදලකට නිකුත් වන අඩු මිල Gaming Smartphone එකක් ලෙසින් ඉන්දියාවේදි නිකුත් කරන බවයි.

ඉහතින්  දැක්වූ tweet එකේ දැක්වෙන රූපය දෙස සමීපව බැලුවහොත් එහි දැක්වෙන smartphone එකෙහි gaming triggers අඩංගු වන බවක් දක්නට ලැබේ. මේ පිළිබදව leaker කෙනෙක් වන Albacore විසින් පළකර තිබූ tweet එකෙහි මෙම trigger අඩංගු කර දැක්වූ smartphone එකෙහි රූපය දෙස බැලූවිට ඉහතින් දැක්වූ tweet එකෙහි අඩංගු triggers පහසුවෙන් දැකගත හැකිවනු ඇත. Albacore විසින් පලකළ render එක පහතින් දැක්වේ.

කෙසේ වෙතත් මෙම තොරතුරු වලින් දැනට තහවුරු වූ තොරතුරක් වන්නේ OnePlus 9 Series එළිදක්වන අවස්ථාවෙදීම OnePlus 9R 5G නමින් දුරකථනයක් එලිදක්වන බවත් එය ජංගම දුරකථන ක්‍රීඩා අරමුණු කර නිර්මාණය කර ඇති බව පමණි. OnePlus සමාගම විසින් gaming smartphone වෙලදපොල තුළ කුමන ආකාරයේ වෙනසක් සිදුකරයිද යන්න දැන ගැනීමට මාර්තු 23 වන දින පැවැත්වෙන ඔවුන්ගේ launch event එක පැවැත්වෙන තුරු බලාසිටීමට සිදුවේ.

Source: Beebom

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna