විනාඩි 10ක් තුලදී OnePlus 8T ජංගම දුරකතනය ඇමරිකානු ඩොලර් මිලියන 30ක විකුණුම් අගයක් වාර්තා කරයි

විනාඩි 10ක් තුලදී OnePlus 8T ජංගම දුරකතනය ඇමරිකානු ඩොලර් මිලියන 30ක විකුණුම් අගයක් වාර්තා කරයි

මෑතකදී නිකුත් වුන OnePlus 8T ජංගම දුරකතනය චීනයේ ප්‍රධාන online retail selling channels දෙකක් වන JD සහ Suningහි නිකුත් කර පලවෙනි මිනිත්තුවේදීම යුවාන් මිලියන 100ක සහ විනාඩි 10ක් වන විට යුවාන් මිලියන 200ක විකුණුම් අගයක් වාර්තාකරමින් විකුණුම් දර්ශක වල ඉහළටම පැමිණීමට සමත් වී ඇත. එය පිලිවෙලින් ඇමරිකානු ඩොලර් මිලියන 15ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 30ක අගයක් ගනී.

මේ සමඟම පළමු වාරයේ විකිණීමට තිබූ සියළුම ජංගම දුරකතන විකිණී අවසන් වීම හේතුවෙන් මෙම ජංගම දුරකතනය මිලදී ගැනීමට නොහැකි වූවන් හට ඊලඟ විකුණුම් වාරය වන ඔක්තෝම්බර් 22 වන දින වන තුරු බලා සිටීමට සිදුවනවා.

යුරෝපයේ හෝ උතුරු ඇමරිකාවේ වෙසෙන අයහට මේ වන විට OnePlus 8T ජංගම දුරකතන OnePlus.com වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමට හැකි අතර මිලදී ගැනීමෙන් පැය 24ක් ඇතුලත ජංගම දුරකතනය ship කිරීම සිදු වනවා. එමෙන්ම ඔවුන්ගේ රටට අදාලව පවතින Amazon වෙබ් අඩවිය හරහාද ඔවුන්ට ඇණවුම් කිරීම කල හැකිය.

Sources: Weibo, Notebookcheck

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna