OnePlus 8T: Fast Charging වලට වෙනම phone එකක්?

සිංහල OnePlus review. Combining multiple reviews.

OnePlus 8T: Fast Charging වලට වෙනම phone එකක්?

OnePlus 8 සහ 8 Pro මේ අවුරුද්දේ අප්‍රේල් වල නිකුත් වුණ බව ඔබ දන්නවා. දැන් OnePlus සම්ප්‍රදාය අනුව ඔවුන්ගේ flagship එකේ T model එක; OnePlus 8T smartphone එකත් නිකුත් වෙලා තියෙනවා.

ආරම්භක මිල ලෙස $749ක් සඳහන් වෙන 8T එක, 8 Pro ($899) එකත් 8 ($699) එකත් අතර තමයි ස්ථානගත වෙන්නේ. (මිල ගණන් 2020.10.15 දින OnePlus වෙබ් අඩවියේ ඇති ආකාරයට)

නමුත් ගිය අවුරුද්දේ මෙන් T Pro version එකක් නම් මේ අවුරුද්දේ නිකුත් වෙන්නේ නෑ.

OnePlus 8 සහ 8 Pro ගැන අපි ඔබට සම්පුර්ණ විස්තරයක් ඉදිරිපත් කරා. ඒ නිසාම full-specs වලට යන්න කලින් ඒ models දෙකත් එක්ක 8T එක සංසන්දනය කරලා බලමු.

Battery

Image: 9to5google

8 එකෙත් 8 Pro එකෙත් නැති T එකේ විතරක් තියෙන එකම feature එක වන්නේ 65W fast charging technology එක. එයට full charge එකකට යන්නේ මිනිත්තු 39ක් වගේ කාලයක්.

4500-mAh වන මෙහි battery capacity එක, 4510-mAh ඇති 8 Pro සමඟ සසඳන විට නම් ලොකු වාසියක් බව පෙනෙනවා. (8 හි 4300-mAh)

ඒ වගේම මෙතෙක් කල් තිබුණු USB-A to USB-C cable එක වෙනුවට දැන් දෙපසම USB-C තියෙන cable එකක් ලැබෙන්නේ. ඒ කියන්නේ ලැබෙන charging brick එකෙන්, (support කරන) laptops වුණත් charge කරන්න පුළුවන්.

8T එකට Wireless charging නම් ලැබෙන්නේ නෑ.

Image: gsmarena

Screen

Image: xda-developers

8 සහ 8 Pro වල ඇති curved screen එක වෙනුවට 8T හි flat screen එකක් තිබුනත්, 8 Pro වගේම 120 Hz refresh rate එකක් මේ display එකට තිබෙනවා.

Display Size එකත්, resolution එකත් 8 එකට සමානයි.

Image: gsmarena

Software

OnePlus වල පළවෙනි Android 11 smartphone එක විදිහට 8T එක හඳුන්වන්න පුළුවන්. ඉදිරියේදී OnePlus 6 වල සිට 8 Pro දක්වා Android 11 update එක ලැබෙන බවට ද OnePlus නිවේදනය කරලා තියෙනවා.

Android 11 මත run වෙන OnePlus OxygenOS එක කලින් තිබුන stock android පෙනුමෙන් අයින් වෙලා අලුත් design language එකකට මාරු වී තිබෙනවා. Samsung පාවිච්චි කරන කෙනෙක්ට නම් මේ අලුත් interface හොඳට පුරුදු බව දැනෙයි.

ඒ වගේම කලින් නොතිබුණ විදිහේ Always On Display feature එකකුත් මෙයට ඇතුලත් වෙලා තිබෙනවා.

Image: android central

Camera

Image: android central

8T එක කැමරා 4කින් සමන්විත වුණත් 4 වෙනි කැමරාව 2MP monochrome sensor එකක්. ඒ නිසා 8 එකට වඩා සුළු hardware වෙනස්කම් ප්‍රමාණයක් තමයි camera වේ දකින්න පුළුවන් වෙන්නේ.

8 Pro එකේ මෙන් telephoto lens එකක් 8T එකේ නෑ. නමුත් 8 ට වඩා ultrawide lens එකේ කෝණයත් (වැඩි දර්ශන තලයක්) macro lens එකේ megapixel ගණනත් වැඩි වී තිබෙනවා.

Image: gsmarena

ඒ වගේම 8 එකේ photo quality එකට වඩා පැහැදිලි වෙනසක් 8T එකෙන් දකින්න පුළුවන් බව reviewers ල සඳහන් කරලා තිබුණා.

Performance

Image: c|net

OnePlus 8T හි තිබෙන්නේත් 8, 8 Pro වල වගේම Galaxy S20 (USA version) හිද තිබෙන Snapdragon 865 processor* එකයි. Pixel 5 හි ඇත්තේ Snapdragon 765G processor එකයි.

OnePlus 8 හිදී මෙන් 8T එකත් 8GB, 128GB හෝ 12GB,256GB ලෙස තෝරාගන්න පුළුවන්. $749 වන්නේ 12GB,256GB version එකයි.

Full Specifications

Image: c|net

Sources: c|net, xda-developers, android central, OnePlus (US)

*නිවැරදි කිරීමයි - පෙර සඳහන් වී තිබුණේ OnePlus 8, 8T, 8 Pro සහ Galaxy S20 වල ඇත්තේ Snapdragon 765 processor ය ලෙසයි. එය Snapdragon 865 ලෙස නිවැරදි කර ඇත.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna