Mobile Number Portability පහසුකම ලබාදීම තවදුරටත් ප්‍රමාද වන ලකුණු

Mobile Number Portability ලෙස හඳුවන්නේ දැනට යම් පුද්ගලයෙකු ජංගම දුරකථන අංකයක් භාවිතා කරන්නේ නම් එම පුද්ගලයාට ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ තම දුරකථන අංකය නොවෙනස්ව පවත්වා ගැනීමට ඇති පහසුකමයි.

Mobile Number Portability පහසුකම ලබාදීම තවදුරටත් ප්‍රමාද වන ලකුණු

Mobile Number Portability පහසුකම ශ්‍රී ලංකාව සඳහා හඳුන්වාදීම පිළිබඳව ලිපි කිහිපයක් ඔස්සේ දැනුවත් කළ බව ඔබට මතක ඇති. කෙසේ නමුත් මෙම පහසුකම අප රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා වසර ගණනාවක සිට සිදුකරන්නාවූ කටයුතු තවදුරටත් පමාවීමට හේතුවක් ලෙස පසුගිය දිනෙක පළ වූ පුවතක් මගින් සනාථ විය. එයට ආසන්නතම හේතුව ලෙස සඳහන් කර ඇත්තේ මෙම සේවාව ලබාදීම සඳහා සමාගම් වෙත ඉදිරිපත් කළ ටෙන්ඩර් කැඳවීමේ අක්‍රමිකතාවයකි.

Mobile Number Portability ලෙස හඳුවන්නේ දැනට යම් පුද්ගලයෙකු ජංගම දුරකථන අංකයක් භාවිතා කරන්නේ නම් එම පුද්ගලයාට ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ තම දුරකථන අංකය නොවෙනස්ව පවත්වා ගැනීමට ඇති පහසුකමයි. මෙම පහසුකම පිළිබඳව වැඩිදුර තොරතුරු මෙම සබැඳිය ඔස්සේ දැනගත හැකිවේ.

මෙම පහසුකම අප රට තුළ ස්ථාපිත කිරීම සඳහා වසර ගනණාවක සිට සිදුකළ කටයුතු වල ප්‍රතිඵලයක් වශයෙන් නිර්මාණය වූ "Lanka Portability" සංවිධානයට මෙම පහසුකම ලබාදීම සඳහා මෙතෙක් ප්‍රමාද වී ඇත්තේ මේ සඳහා සුදුසු තාක්ෂණික සහකරුවෙකු සොයාගැනීමට ඇති බාධාව වේ. මෙම හේතුව පදනම් කරගනිමින් සිදුකළ ටෙන්ඩර් කැඳවීමක් සිදුකළ ද එහිදී පළ කරනු ලබූ යෝජනා ප්‍රතික්ෂේප වීමකට ලක්වී ඇත්තේ එම සමාගම් පිළිබඳව විශ්වාසයක් ගොඩනගා ගැනීම පිළිබඳව ඇති ගැටලු හේතුවෙන් බව සඳහන් වේ.

එම නිසා මෙම සම්මේලනය විසින් නැවත වරක් මෙම පහසුකම ස්ථාපිත කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදුකර ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් තාක්ෂන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙම සියලුම ක්‍රියාවලීන් සඳහා වන තාක්ෂණික මට්ටමේ සිදුවන බවත් ඒ සඳහා අවශ්‍ය වන සියලුම සුදුසුකම් සපුරාලන සමාගමක් තෝරාගැනීම සඳහා මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකළ බවත් ය. ඒ සමගම සඳහන් කර ඇත්තේ මෙම වසර තුළ මෙම පහසුකම රට තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කර ඇත.

එසේම ඉහත සඳහන් කළ Lanka Portability නම් සමාගම රට තුළ පවතින විදුලි සංදේශ සමාගම් ඒකාබද්ධ කරමින් නිර්මාණය වූවක් වුවද එම සමාගම් සම්පූර්ණයෙන්ම ඒකබද්ධ වීමක් දක්නට නොලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. TRCSL විසින් අප රට Mobile Number Portability පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන්නාවූ අනුමැතිය 2021 වසරේ ලබාදුන්න ද මේ වන තෙක් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අපහසු වීම තරමක අසතුටුදායක කරුණකි. මන්දයත් මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ගතවන කාලය ලෙස සලකන්නේ කාර්තු දෙකක් හෝ තුනක් පමණ කාලයක් වන නිසාවෙනි.

මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් සඳහන් කරන්න. මේ පිළිබඳව නවතම තොරතුරු දැනගැනීමට සහ තාක්ෂණික තොරතුරු පිළිබඳව යාවත්කාලින වීමට Android වැඩකාරයෝ අප සමග රැඳී සිටින්න.

Sources: Trc.gov Readme Themorning

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara