අලෙවි වන ජංගම දුරකතන ප්‍රමාණයට සමාන වෘක්ෂ ප්‍රමාණයක් රෝපණය කිරීමට Nokia සමාගම සූදානම් වේ

අලෙවි වන ජංගම දුරකතන ප්‍රමාණයට සමාන වෘක්ෂ ප්‍රමාණයක් රෝපණය කිරීමට Nokia සමාගම සූදානම් වේ

මේ වෙන විට සැම ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක්ම තම නිෂ්පාදන මගින් පරිසරයට සිදු වෙන හානිය අවම කිරිමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිනවා. ඒ අනුව Apple සමාගම විසින් මීට පෙර තම iPhone සමග Charging Adapter එක ලබා නොදිමට පියවර ගැනිම මෙන්ම පසුගිය දිනක වෙළෙඳපොළට හදුන්වා දුන් නව iPhone 13 Series එකේ Packing සදහා යොදා ගන්නා Plastic Warp එක වෙනුවට වෙනත් විකල්පයක් යොදා ගැනිමත් සිදු කරනු ලැබුවා.

Nokia Smart Phones වෙළෙඳපොළට නිකුත් කරන HMD Global සමාගම මේ වෙන විට ඔවුන්ගේ Nokia X-series, G-series හෝ C-series මිලදි ගැනිමේදි අලෙවි වෙන Devices ප්‍රමාණය අනුව නිශ්චිත ගස් සංඛ්‍යාවක් මොසැම්බික් හෝ මැඩගස්කරයේ රෝපණය කිරිමට Ecologi සමග එක්ව තිබෙනවා.

ඔවුන් විසින් අලෙවි වෙන ඒකක ප්‍රමාණය අනුව ගස් රෝපණය කිරිම සිදු වෙනවා. ඒ අනුව Nokia G50 Device එකක් සදහා ගස් 10ක් ද, Nokia X10, X20 හෝ T20 Tablet එකක් සදහා ගස් 20ක් ද, Nokia XR20 Device එකක් සදහා ගස් 50ක් ද රෝපණය කිරිම සිදු කරනු ලබනවා. මොවුන්ගේ බලාපොරොත්තු වෙන්නේ ගස් 35000ක් පමණ රෝපණය කිරිම වෙන අතර මේ සදහා යුරෝපිය පාරිභෝගිකයන්ට සහභාගි විය හැකි වෙනවා.

Source : Gizmochina, Nokia

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna
Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

පසුගියදා පැවති Google I/O Event එක සමඟින් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android Version එක වන Android 15 පිළිබඳව වු සියලුම කරුණු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

By Bhasura Nuwan Kularathna