iPhone 13 packing සඳහා plastic wrap එක වෙනුවට Apple සමාගම යොදාගත් විකල්පය පිලිබඳ තොරතුරු වාර්තා වේ

iPhone 13 packing සඳහා plastic wrap එක වෙනුවට Apple සමාගම යොදාගත් විකල්පය පිලිබඳ තොරතුරු වාර්තා වේ

Apple සමාගම මේ සතිය මුලදී ඔවුන්ගේ නවතම iPhone 13 Series එක පිළිබඳ ප්‍රකාශයට පත් කළා. ඔවුන් විසින් පවසා සිටියේ එම දුරකථන පෙට්ටි වල ප්ලාස්ටික් එතුම භාවිතය නැවැත්වීමට අදහස් කරන බවයි. ඔවුන් පවසන්නේ මෙම පියවර මඟින් ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 600 ක් පමණ පරිසරයට එකතු වීම වළක්වා ගත හැකි බවයි. මෙලෙස වෙනස් වූ iPhone 13 Box එකේ නව පෙනුම ගැන, ජනප්‍රිය චීන Microblogging Platform එකක් වන Weibo හිදී Share කරගත් Photo එකක් පහතින් දැක්වේ.

මෙම ප්ලාස්ටික් එතුම ප්‍රතිස්ථාපනය කර ඇත්තේ එම Box එකට අලවා ඇති කුඩා කඩදාසි Strip එකක් (තීරුවක්) මඟිනි. මෙම නව කඩදාසි Strip එක මඟින් වාසි දෙකක් ලබා දෙයි.  එමඟින් අදාල Box එකේ හැඩය නොවෙනස්ව තබා ගැනීමට උපකාරී වන අතර එමඟින් ප්‍රවාහන කාලය තුළ එම Boxes වල අන්තර්ගතයන් පිටතට ගැනීමේ අවදානමද ඉවත් කරයි. iPhone එකක් ඔබ අතටපත් වීමට පෙර කවුරුන් හෝ කලින් එම Box එක විවෘත කර ඇත්දැයි දැන ගැනීම ද මෙය ප්‍රයෝජනවත් වේ. එබැවින් ඔබ නවතම iPhone 13 දුරකථනයක් මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් නව කඩදාසි Strip එක ගැන විමසිලිමත් වන්න.

Apple සමාගමට අනුව, 2025 වන විට බාහිර ප්ලාස්ටික් එතුම තම සියළුම ඇසුරුම් වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ඔවුන්ගේ අරමුණයි.

Source:- Beebom

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna