NOKIA සමාගම විසින් වසර 60කට පසුව තම Logo එක වෙනස් කිරීමට කටයුතු කරයි
අතීතයේ තාක්ෂණික ලෝකයේ නම් දරපු Brand Name එකක් විදිහට NOKIA හදුන්වා දෙන්න පුලුවන්. පසුගිය දිනක NOKIA සමාගම විසින් වසර 60කට පසුව ඔවුන්ගේ Brand Identity එක එනම් ඔවුන්ගේ Brand Logo එක වෙනස් කිරිමට කටයුතු කරන බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අතීතයේ තාක්ෂණික ලෝකයේ නම් දරපු Brand Name එකක් විදිහට NOKIA හදුන්වා දෙන්න පුලුවන්. කෙසේ වෙතත් ඔවුන් විසින් ගනු ලැබු යම් යම් තිරණ නිසා මේ වෙන විට ඔවුන් ජංගම දුරකථන නිෂ්පාදනයෙන් ඇත් වි තිබෙන බවට කිය යුතු නොවේ. ඒ අනුව මේ වෙන විට NOKIA සන්නාමය යටතේ ජංගම දුරකථන නිකුත් කරනු ලබන්නේ HMD Global සමාගම විසිනුයි. වර්තමානය වන විට ඔවුන් වෙළෙඳපොළ සදහා NOKIA Brand Name එකෙන් යුතුව Entry Level සහ Budget Smart Phones නිකුත් කිරිම සිදු කරනු ලබනවා.
කෙසේ වෙතත් පසුගිය දිනක NOKIA සමාගම විසින් වසර 60කට පසුව ඔවුන්ගේ Brand Identity එක එනම් ඔවුන්ගේ Brand Logo එක වෙනස් කිරිමට කටයුතු කරන බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ පිළිබඳ NOKIA සමාගම Chief Executive Pekka Lundmark මහතා ප්‍රකාශ කර සිටියේ තවදුරටත් NOKIA යනු ජංගම දුරකථන සමාගමක් නොව "ව්‍යාපාරික තාක්‍ෂණ සමාගමක්" වන බවයි. මේ අනුව NOKIA සමාගම විසින් ඔවුන්ගේ ප්‍රධානතම සේවා සපයන ව්‍යාපාරය වන Telecommunication Equipment අලෙවි කිරිම සිදු කරමින් සිටින අතරම ඔවුන් මේත් සමග වෙනත් ව්‍යාපාර අවස්ථා සදහා ද Equipment අලෙවි කිරිම සදහා කටයුතු කරමින් සිටිනවා.
Source: reuters.com