Phishing attack එකක් හර​හා ඩොලර් මිලියන 1.7ක් වටිනා NFT tokens 250කට අධික ප්‍රමාණයක් සොරකම් කර​යි

Phishing attack එකක් හර​හා ඩොලර් මිලියන 1.7ක් වටිනා NFT tokens 250කට අධික ප්‍රමාණයක් සොරකම් කර​යි

ප්‍රහාරකයින් පිරිසක් විසින් Opensea පරිශීලකයින්ගෙන් NFT සියගණනක් සොරකම්කර ඇත. Blockchain ආරක්ෂණ සේවාවක් වන PeckShield විසින් සම්පාදනය කර ඇති වාර්තාවක​ට අනුව tokens 254 කට අධික සංඛ්‍යාව​ක් සොරකම් කර ඇති අතර ඒවා අතර Decentraland සහ Bored Ape Yacht Club හි tokens ද ඇතුළත්ය.

මෙම ප්‍රහාර වලින් වැඩි සංඛ්‍යාව​ක් සිදුවී ඇත්තේ 5PM - 8PM(ET) වන අතර ඉලක්ක වුණු පරිශීලකයින් ගණන 32 කි. Blog Web3 පවත්වාගෙන යන Molly White ගණනය කර ඇති ආකාරයට මෙම සොරකම් කර ඇති tokens වල වටිනාකම ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.7 පමණ වන බවයි.

ඉතින් මේ Opensea සමාගම කියන්නෙ ඩොලර් බිලියන 13 ක වටිනාකමකින් යුත් NFT හි ප්‍රචලිතවීමත් සමග එහි වටිනාම සමාගම් අතරට පැමිණුනු සමාගමක්.

ප්‍රහාරය සිදුවන අවස්ථාවවේ Opensea සමාගම විසින් ඔවුන්ගේ Contract System එක update කරමින් සිට ඇති නමුත්, එය නව contracts නිසා සිදුවූ බව ඔවුන් ප්‍රතික්ෂේප කරයි.

කෙසේ නමුත් ප්‍රහාරයට හේතුව තවම නිශ්චිතව හදුනාගෙන නොමැති අතර ඒ පිළිබදව සොයාගන්නා නවතම තොරතුරු පිළිබදව ඉදිරියේදි දැනුවත් කරන බවත් එම සමාගම පවසනවා.

Source: The Verge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara