අද සිට දුරකතන සහ අන්තර්ජාල පහසුකම් වල සේවා ගාස්තු වැඩි වන්නේ මෙහෙම​යි

අද සිට දුරකතන සහ අන්තර්ජාල පහසුකම් වල සේවා ගාස්තු වැඩි වන්නේ මෙහෙම​යි

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අර්බුදය හමුවේ මේ වන විට වෙළෙඳපොළට තුල පවතින සැම භාණ්ඩ සහ සේවාවන්හි මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඊට අනුව පසුගිය ජුනි මාසයේදි රජය විසින් විදුලි සංදේශ බදු වැඩිවිමක් ප්‍රකාශයට පත් කළ අතර ඉට අනුරෑපව දුරකථන පැකේජ්යන්හි මිල ගණන් ද ඉහළ යනු ලැබුවා.

එමෙන්ම පසුගිය දිනක සියලුම සන්නිවේදන සමාගම් විසින් එකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් දක්වා තිබෙන්නේ ඩොලරයේ අගය දිගින් දිගටම වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම නිසා මේ මස 05 වන දින ( එනම් අද ) සිට ඔවුන්ගේ සේවාවන් සඳහා අදාළ ගාස්තු ඉහළ නැංවීමට සිදුව ඇති බවයි.

ඒ අනුව මොබයිල්, ස්ථාවර දුරකථන, බ්‍රෝබෑන්ඩ් ප්ලෑන්ස් සහ අමතර සේවාවන් ( පෙර ගෙවුම් සහ පසුගෙවුම්) සඳහා වන ගාස්තු 20% කින් සහ සියලුම Pay Television සේවාවන් සදහා වන ගාස්තු 25% කින්ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව ඉහළ නංවා තිබෙන අතර මේ වෙන විට Dialog සමාගම, Mobitel සමාගම සහ Hutch සමාගම විසින් ඔවුන්ගේ වෙබ් අඩවියන්හි නව ගාස්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා. අනෙක් සමාගම් විසින් තවමත් ඔවුන්ගේ වෙබ් අඩවිවල නව ගාස්තු ප්‍රකාශයට පත් කර නොමැති අතර සියලුම සන්නිවේදන සේවා සපයන සමාගම් විසින් ඉදිරිපත් කරන ලද ගාස්තු සංශෝධනයන් සදහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී පළ කරන ලද ගාස්තු සටහන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය තුලත් පළ ක⁣ර තිබෙනවා.

එමෙන්ම මෙලෙස ගාස්තු වැඩි විමට අමතරව මීට අමතරව රජය නැවත් පසුගියදා සියලුම විදුලි සංදේශ සේවාවන් සහ Pay TV සේවාවන් සඳහා වන VAT බදු ප්‍රතිශතය 12% සිට 15% දක්වා ඉහළ දමාත් තිබෙනවා.

මෙලෙස නව ගාස්තු ක්‍රියාත්මක විම මෙම මස 05 වනදා (අද) සිට ක්‍රියාත්මක වනවා.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna