Mi 11 Pro සහ Mi 11 Ultra ජංගම දුරකතන දෙක මේ මස 29 වන දින චීනයේදී එලිදැක්වීමට සූදානම් වේ
![Mi 11 Pro සහ Mi 11 Ultra ජංගම දුරකතන දෙක මේ මස 29 වන දින චීනයේදී එලිදැක්වීමට සූදානම් වේ](/content/images/size/w1200/2021/03/Mi-11-Pro--Mi-11-Ultra-Launch-on-March-29-Confirmed-by-Xiaomi.jpg)
Xiaomi සමගාම විසින් මීට පෙර Qualcomm Snapdragon 888 Chipset එකෙන් බලගැන්වුණු Mi 11 දුරකථනය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේදි එලිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.
Xiaomi Mi 11 Pro හා Xiaomi Mi 11 Ultra යන දුරකථන මාර්තු මස 29 වන දින චීනය තුළ එලිදැක්වීමට කටයුතු කරන බව Xiaomi සමාගම විසින් තහවුරු කරනු ලැබුවා. එම දුරකථන එලිදැක්වීමට නියමිත Launch Event එක පිළිබදව මීට පෙර twitter හරහා දැනුවත් කර තිබුණි. එය පහතින් දැක්වේ.
The 2021 #XiaomiMegaLaunch is coming soon!
— Xiaomi (@Xiaomi) March 22, 2021
We can't wait to see you at our Xiaomi 2021 New Product Launch on Monday, March 29th, at 19:30 (GMT+8).
This is one launch you really better not miss! pic.twitter.com/Y6rA5Wrxyf
ඉන්පසුව මෙම event එක තුළදී දුරකථන දෙකක් එලිදක්වන බව ඔවුන් විසින් Weibo හරහා දැනුවත් කර ඇත. එය පහතින් දැක්වේ.
Xiaomi Mi 11 Lite නම් දුරකථනයක් නිකුත් වන බවට තොරතුරු පළවුවද Xiaomi විසින් දුරකථන 3 ක් නිකුත් කරන බවක් ප්‍රකාශ කර නැත.
ඒ අනුව Mi 11 Pro හා Mi 11 Ultra දුරකථනයන් දෙක මාර්තු මස 29 වන දින එලිදැක්වෙනු ඇති අතර එම Launching Event එක Xiaomi නිල සමාජජාල ගිණුම් ඔස්සේ ඔබට නැරඹීමට හැකියාව ලැබෙනු ඇති.
Source: NDTV