Paid subscription එකක් හරහා Facebook සහ Instagram මත verification ලබා දීමට Meta සූදානම් වන ලකු​ණු

Paid subscription එකක් හරහා Facebook සහ Instagram මත verification ලබා දීමට Meta සූදානම් වන ලකු​ණු

සමාජ මාධ්‍ය ජාලයන්වල දැවැන්තයෙකු වන Twitter සමාගම Elon Musk ගේ හිමිකාරිත්වයට පත් විමත් සමග Twitter තුළ වෙනස් කම් රැසක් සිදු වු බව ඔබ දැනටමත් දන්නවා. මින් විශේෂ අවධානයක් යොමු වුයේ Twitter සදහා හදුන්වා දුන් Twitter Blue Subscription විශේෂාංගයටයි. ඒ ඔස්සේ අවශ්‍ය ඕනැම පුද්ගලයකුට මුදල් ගෙවා තම Twitter ගිණු​ම සදහා Verified Badge ලබා ගත හැකි වනවා.

Meta සමාගම දෙසින් වාර්තා වන නවතම තොරතුරුවලට අනුව ඔවුන් විසිනුත් තම Facebook සහ Instagram පරිශීලකයන්ට මේ ආකාරයෙන්ම, මුදල් ගෙවා ලබා ගත හැකි පරිදි Verified Badge ලබා දීමට සුදානමින් සිටින බව දක්වන්න පුලුවන්.

TechDroider Twitter ගිණුම ඔස්සේ පළ කර තිබෙන Meta Help Centre Page එකේ ScreenShots වලට අනුව Twitter Blue Subscription එකේ ආකාරයටම මුදල් ගෙවා Subscribe කිරිම තුලින් තම ගිණුම් සදහා Verification Badge එක ලබා ගත හැකි වනු ඇත.

ඒ අනුව Meta සමාගම විසින් මෙලෙස මුදල් ගෙවා ලබා ගත හැකි පරිදි ලබා දිමට සුදානම් වන Verification Badge එක Twitter Blue Subscription එක මෙන් ඕනැම පුද්ගලයකුට මුදල් ගෙවු පමණින්ම ලබා ගත හැකි නොවනු ඇති අතර Meta සමාගම විසින් මේ සදහා ලබා දෙන Verification Form එක Fill කළ පසු ඔවුන් ලබා දෙන 'eligibility criteria for Meta Verified subscriptions' සම්පූර්ණ කරන පුද්ගලයන් සදහා මෙලෙස මුදල් ගෙවා ලබා ගැනිමට හැකි වනු ඇත.

මෙලෙස මුදල් ගෙවා Verified Badge එක ලබා ගත හැකි වන්නේ Profile සදහා පමණක් වන අතර මුදල් ගෙවිමෙන් තොරවත් දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය ඔස්සේ Profiles සහ Pages සදහා Verified Badges ලබා ගත හැකි වනවා. මෙලෙස මුදල් ගෙවිමෙන් තොරව Verified Badge එක ලබා ගැනිමේදි සම්පූර්ණ කිරිමට සිදු වන Criteriaවලට වඩා Meta Verified Subscription එක ලබා ගැනිම සදහා සම්පූර්ණ කළ යුතු Criteria සම්පූර්ණ කිරිම මුදල් ගෙවා ලබා ලබා ගන්නා පහසුකමක් බැවින් පහසු වනු ඇති බව දක්වන්න පුලුවන්.

කෙසේ වෙතත් Meta සමාගම විසින් තවමත් මේ පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වන අතර ඉදිරියේදි අපිට මේ පිළිබඳ තවත් තොරතුරු බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: www.engadget.com affiliateinsider.com indianexpress.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara