කුරුල්ලා නිදහස්; Twitter සමාගම Elon Musk යටතට, CEO එළිය​ට

කුරුල්ලා නිදහස්; Twitter සමාගම Elon Musk යටතට, CEO එළිය​ට

පසුගිය කාල වකවානුව තුළ සමාජ මාධ්‍ය තුළ මෙන්ම ඉන් පරිබාහිරවත් පුවත් මැවූ සිද්ධි දාමයක් වූයේ Twitter සමාජ මාධ්‍ය ජාලය Elon Musk විසින් මිලදී ගැනීමට උත්සාහ කිරීමයි. මේ වන විට ලොව අංක එකේ ධනවතා මෙන්ම ලොව ප්‍රමුඛ පෙළේ ආයතන රැසකගේ හිමිකරුවා වන Elon Musk විසින් මෙලෙස සමාජ මාධ්‍යයක් අත්පත් කර ගැනීම පිළිබඳව යම් පිරිසකගේ අප්‍රසාදය ද හිමි වී තිබූ කරුණක් විය. කෙසේ නමුත් ඊයේ දින එනම් ඔක්තෝබර් මස 27 වන දින Twitter සමාගම Elon Musk යටතට පත් වුණි. ඒ ඩොලර් බිලියන 44 ක මුදලකට ය.

කෙසේ වෙතත් මෙලෙස Twitter සමාගම තමා යටතට ගැනීමෙන් අනතුරුව ඒ වන තෙක් එහි සේවය කළ විධායක ශ්‍රේණියේ පුද්ගලයින් කිහිපදෙනෙකුව නෙරපා හැරීම ඉතාමත් කැපී පෙනෙන මෙන්ම ඇතැමුන්ගේ දෝශදර්ෂණයට පාත්‍ර වන සිද්ධියක් බවට පත් විය. එලෙස ඉවත් කරන ලද විධායක ශ්‍රේණියේ පුද්ගලයින් අතර Parag Agrawal, Ned Segal, Vijaya Gadde සහ Sean Edgett ඇතුලත් වේ.

වමේ සිට පිළිවෙලින් Parag Agrawal, Ned Segal, Vijaya Gadde සහ Sean Edgett
Elon Musk හිමිකාරීත්වය ලබා ගැනීමෙන් අනතුරුව Twitter වෙත එක්කර තිබූ පණිවුඩය

මෙලෙස ලොව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ජාලයක් අත්පත් කර ගැනීම Musk හට විශාල ජයග්‍රහණයක් වන නමුත් මෙලෙස හිමිකාරීත්වය ලබා ගැනීම තුළින් ඉදිරියේ දී අනිසි ප්‍රතිඵල පවා ලැබිය හැකි බවටත් බොහෝ විචාරකයන් අදහස් පළ කරමින් සඳහන් කරනු ලබයි.

Sources: www.nytimes.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna