Twitter සඳහා විකල්පයක් ලෙස Meta සමාගම විසින් Instagram Threads App එක නිල වශයෙන් එළිදක්වයි

Twitter සඳහා විකල්පයක් ලෙස Meta සමාගම විසින් Instagram Threads App එක නිල වශයෙන් එළිදක්වා තිබෙනවා.

Twitter සඳහා විකල්පයක් ලෙස Meta සමාගම විසින් Instagram Threads App එක නිල වශයෙන් එළිදක්වයි

Meta සමාගම විසින් Twitter සමාජ මාධ්‍ය සඳහා විකල්පයක් ලෙස Threads නමින් නව App එකක් හඳුන්වා දීමට සුදානමින් සිටින බවත් ඒ App එක App Store වල Pre Order කිරීමේ හැකියාව ලබා දුන් බවත් සහ එය අද (ජූලි 06) එළිදැක්වෙන බවත් අපි ඔබට තොරතුරු ගෙන ආවා. ඒ අනුව Meta සමාගම විසින් මේ Instagram Threads App එක නිල වශයෙන් එළිදක්වා තිබෙනවා.


මෙම Instagram Threads App එක, Twitter App එකෙහි ක්‍රියාකාරිත්වයට බොහෝ සෙයින් සමාන වන අතර ඔබගේ Instagram ගිණුම හරහා මේ සඳහා Log විය හැකිවනවා. මේ හරහා ඔබට Creators ලා සමඟ ඍජුව සම්බන්ධ විය හැකි අතර ඔවුන්ව Follow කිරීමෙන් ඔවුන් පළ කරන Threads පහසුවෙන් කියවිය හැකි අතර, ඔබටද Creator කෙනෙකු ලෙසින් තවත් පුද්ගලයන් සමඟ ඔබේ Threads බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා.

Mark Zuckerberg’s first post on Threads

තවද මෙම Threads සඳහා උපරිම අක්ෂර 500ක සීමාවක් පවතින අතර Threads සඳහා Photos සහ මිනිත්තු 5ක කාලයකින් යුත් Video ඇතුළත් කළ හැකිවනවා. තවද සාමාන්‍ය පරිදි මෙහිදී ඔබට Threads සඳහා like කිරීම repost කිරීම, reply කිරීම, Thread එක පළ කළ Creator block කිරීම, report කිරීම සහ Thread එකට වෙනත් පරිශීලකයන් mention කිරීම ආදිය කළ හැකිවනවා. තවද Instagramහි ඇති සියලුම Community Guidelines මේ යෙදුම සඳහාද බලපානු ලබනවා.

මේ Threads App එක Google Play Store සහ Apple App Store වෙත නිකුත් කර ඇති අතර ඔබට www.threads.net හරහා මෙහි Web Version එක මේ මොහොතේ සිටම භාවිතා කළ හැකියි. තවද මේ වන විට මේ App එකේ ලොව පුරා Sign Up ප්‍රමාණය මිලියන 2 ඉක්මවා ඇති බවත් Mark Zukerburg විසින් නිවේදනය කොට තිබෙනවා.


වර්තමානයේ බොහෝ දෙනා Facebook වෙනුවට Instagram භාවිතයට පෙළඹීමත් සහ බොහෝ තරුණ පිරිස Twitter වැනි සමාජ ජාලා භාවිතා නොකිරීමත් නිසා Instagram යෙදුමට සමගාමීවම මෙසේ හඳුන්වාදුන් මේ Threads App එක Meta සමාගම විසින් ගත් වැදගත් තීරණයක් බවට අපට පෙන්වා දිය හැකියි. මේ පිළිබඳව ඔබගේ අදහසද දක්වන්න.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara