Twitter සඳහා අභියෝගයක් ලෙස Meta සමාගම විසින් Threads නමින් නව App එකක් හඳුන්වා දීමට සුදානම් වේ

Meta සමාගමේ Companywide Meeting එකක් අතර තුර ඔවුන්ගේ මීලග Project එකක් වන Twitter සමාජ මාධ්‍ය සඳහා විකල්පයක් ලෙස ඔවුන් විසින් හඳුන්වා දීමට නියමිත App එක පිළිබඳව ඔවුන්ගේ විධායක නිලදාරියෙකු විසින් හඳුන්වා දීමක් සිදු කර තිබෙනවා.

Image Source - Theverge.com

මේ නව Standalone App එක Instagram මත පදනම්ව නිර්මාණය වන අතරම Decentralized Social Media Protocol එකක් වන ActivityPub සමඟ එකාබද්ධ වන බවත් මෙහිදි දක්වා තිබෙනවා. මෙම පහසුකම ඔස්සේ මේ නව App එකේ පරිශීලකයන්ට ඔවුන්ගේ ගිණුම් සහ අනුගාමිකයන් ActivityPub සහ Mastodon සඳහා සහාය දක්වන වෙනත් Apps සඳහාත් ගෙන යාමේ හැකියාව හිමි වනවා.

Meta සමාගමේ Chief Product Officer වන Chris Cox මහතා විසින් දක්වා සිටියේ මේ නව App එක Twitter සඳහා Meta සමාගමේ ප්‍රතිචාරය ලෙස නිකුත් කිරීමට සුදානම් බවයි. මෙහි Internal Codename එක “Project 92” වන අතර වාර්තා වන තොරතුරුවලට අනුව මේ නව App එකේ නම් බොහෝ විට Threads නම් වනු ඇතැයි ද බලාපොරොත්තු විය හැකියි.

මේ නව App එකේ Coding කටයුතු ජනවාරි මාසයේදී පමණ ආරම්භ වු බවත්, හැකි ඉක්මනින්ම මේ නව App එක එළිදැක්විමට Meta සමාගම බලාපොරොත්තුවෙන් සිටින බවත් මොහු විසින් වැඩි දුරටත් මෙහිදි දක්වා සිටියා.

Source: The Verge

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna