අනෙකුත් chipset නිෂ්පාදකයන් අභිබවා යමින් Android ජංගම දුරකතන සඳහා වන chipset වෙළඳ පල ආක්‍රමණය කිරීමට MediaTek සමාගම සමත් ​වේ

අනෙකුත් chipset නිෂ්පාදකයන් අභිබවා යමින් Android ජංගම දුරකතන සඳහා වන chipset වෙළඳ පල ආක්‍රමණය කිරීමට MediaTek සමාගම සමත් ​වේ

IDC හි වාර්තාවකට අනුව 2021 වර්ෂයේ හතරවන කාර්තුවේ විකුණුම් අනුව Android Smartphone Chipset සැපයුම්කරුවන් අතරින් ප්‍රථම ස්ථානයට MediaTek සමාගම පත්වී තිබෙනවා. ඒ අනුව, එහි Market share එක බෙදී ගොස් ඇත්තේ MediaTek සමාගමට 48.1% ක් ලෙසත්, Qualcomm සමාගමට 43.9% කුත් ලෙසයි. මෙම වාර්තාව සැකසී ඇත්තේ ඇමරිකාව මත පදනම්වයි.

එම වාර්තාවටම අනුව මෙම සාර්ථකත්වයට හේතු වී ඇත්තේ Samsung සමාගමේ A12, A32 යන දුරකථනත් Motorola සමාගමේ G Pure යන Dimensity Chipset එකෙන් බලගැන්වෙන T-mobile හා Boost Mobile යන Carrier සමාගම් සදහා නිෂ්පාදනය වූ දුරකථන වල අලෙවිය නිසා වෙනවා.

නමුත්, Counterpoint Research වෙතින් මීට ප්‍රතිවිරුද්ධ වාර්තාවක් ඉදිපත් කර ඇති අතර එය අනුව Android Smartphone Chipset Market Share එකෙන් 55% ක් Qualcomm සමාගම දරණ අතර, MediaTek සමාගමට පවතින්නේ 37%ක් පමණයි. එම දත්ත වාර්තා ඇමරිකාව මත පදනම්ව නිර්මාණය වී ඇ​ත. කෙසේ නමුත්, MediaTek සමාගම මේ වන විට සිග්‍රයෙන් Low සහ Midrange යන කාණ්ඩ ඔස්සේ ඉදිරියට පැමිණෙමින් සිටින අතර පසුගිය මස එළිදැක්වුණු Dimensity 8000 series එක එය තවත් වේගවත් කරනු ඇත.

Source: GSMArena

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna