LG විසින් අප්‍රේල් 5 වන දින සිට තම smartphone සඳහා වන ව්‍යාපාර අංශයේ කටයුතු නිල වශයෙන් නවතා දමන බව වාර්තා වේ

The Korea Times පුවත්පතට අනුව පසුගිය වසර කිහිපය තුළ LG සමාගම ජංගම දුරකථන ව්‍යාපාරය හරහා කිසිදු ලාභයක් උපයා ගැනීමට අපොහොසත් වී ඇත.

LG විසින් අප්‍රේල් 5 වන දින සිට තම smartphone සඳහා වන ව්‍යාපාර අංශයේ කටයුතු නිල වශයෙන් නවතා දමන බව වාර්තා වේ

තරගකාරී ජංගම දුරකථන වෙළදපොල තුළ ඉහළට ඒමට පසුගිය කාලයන් වල LG සමාගම මහත් වෙහෙසක් දැරීය. නමුත්, එහි කිසිදු ඵලදායි ප්‍රතිඵලයක් නොලැබුණු හෙයින් LG සමාගම තම ජංගම දුරකථන ව්‍යාපාරය වසා දමන බව නිවේදනය කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

The Korea Times පුවත්පතට අනුව පසුගිය වසර කිහිපය තුළ LG සමාගමට ජංගම දුරකථන ව්‍යාපාරය හරහා කිසිදු ලාභයක් උපයා ගැනීමට අපොහොසත් වූ හෙයින් අප්‍රේල් මස 5 වන දින LG සමාගම ජංගම දුරකථන වෙළදපොලින් ඉවත් වන බව නිවේදනය කරනු ඇත. The Korea Times පවසන ආකාරයට ඔවුන් මෙම ජංගම දුරකථන ව්‍යාපාරයෙන් ඉවත් වී එහි සේවය කළ ඔවුන්ගේ සේවකයින් ඔවුන්ගේ අනෙක් ව්‍යාපාර කොටස් වෙත යොමු කිරීමෙ ක්‍රියාවලියකට අවතීර්ණ වී ඇත.

ජනවාරි මාසයේ LG සමාගමේ ප්‍රකාශකයෙකු පවසා තිබුණේ ඔවුන් සිය ජංගම දුරකථන ව්‍යාපාරය වසා නොදමන බවත් මෙම වසරේ අලුත් උපාංග රැසක් හදුන්වාදීමට කටයුතු කරමින් පවතින බව‍යි. මාස කිහිපයකට පෙර ඔවුන්ගේ rollable smartphone පිළිබදවත් යම් යම් තොරතුරු වාර්තා විය. ඔවුන් මේ ආකාරයට මෙම ජංගම දුරකථන ව්‍යාපාරය වසා දැමුවහොත් එම හදුන්වා දීමට බලාපොරොත්තු වූ නව උපාංග සියල්ල අවලංගු වනු ඇත.

කෙසේ නමුත් LG සමාගම සිය ජංගම දුරකථන ව්‍යාපාරය වසා දැමුවහොත් එය Android smartphone වෙළදපොලට විශාල පාඩුවක් වනු ඇත. මක් නිසාද ඔවුන් මෙම කර්මාන්තයට බොහෝ දෑ හදුන්වාදී ඇති නිසාවෙනි. Smartphones වල දැවැන්තයන් දෙදෙනෙක් වුණු Nexus 5 සහ Pixel 2 XL යන ජංගම දුරකථන සදාහාද LG සමාගම සිය දායකත්වය ලබාදුනි.

LG සමාගම සිය ජංගම දුරකථන ව්‍යාපාරයේ ඉදිරි සැලසුම තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් අප්‍රේල් 5 දින ඒ පිළිබද තීරණයේ නිවේදනය නිල වශයෙන් දැනගැනීමට හැකිවනු ඇත.

Source :- XDA

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara