LG සමාගම විසින් LG Rollable නමින් rollable ජංගම දුරකතනයක් නිපදවීමට සූදානම් වේ

LG සමාගම විසින් LG Rollable නමින් rollable ජංගම දුරකතනයක් නිපදවීමට සූදානම් වේ

ඔබට මතක ඇති මිට පෙර අපි LG සමාගමේ නවතම Rollable OLED TV එක පිලිබඳව තොරතුරු ගෙන ආවා. ඒ අනුව Rollable Display Technology එක වැඩි දියුණු කිරිමට තවමත් කටයුතු කරමින් සිටින බවට අපිට සිතන්න පුළුවන් වුණා. ඒ වගේම LG සමාගම හදුන්වා දුන් LG Wing Smartphone එකත් සමග ඔවුන් නව නිශ්පාදන එළිදැක්වීමට කටයුතු කරමින් සිටින සමාගමක් බව අපට ඒත්තු ගැන්වුවා.

ඒ අනුව ඔවුන් Rollable Display Technology එක Mobile Phone සදහාත් යොදා ගැනිමේ සුදානමක් ඇති බවට ඔවුන් විසින් පසුගිය දිනක ලබාගත් Patent බලපත්‍රය සමග කියන්න පුළුවන්. ඒ වගේම LG සමාගම විසින් LG Rollable ලෙසින් නව වෙළදනාමයක් ද EUIPO (European Union Intellectual Property Office) වෙත ඉදිරිපත් කර ලියාපදිංචි කර තිබෙනවා.

මේ තොරතුරුවල⁣ට අනුව LG සමාගම ඔවුන්ගේම Rollable Display එකක් සහිත Smartphone එකක් නිපදවිම පිළිබඳව කටයුතු කරමින් සිටින බව පැහැදිලි වෙනවා. ඒ වගේම දැනට තියෙන තොරතුරුවලට අනුව මේ Smartphone Series එක සදහා LG Stylus pen support එකත් ලැබෙනවා.

LG සමාගම විසින් Rollable Smartphone පිළිබඳව ලබා ගත් Patent බලපත්‍රය අනුව මේ තුල නම්‍යශීලී Screen එකක් අඩංගු වෙනවා. එනම් Housing එක තුලටම නැවත රෝල් කර ගත හැකි ආකාරයේ නම්‍යශීලී Screen එකකින් මේ Smartphone එක සමන්විත වෙනවා. ඔවුන් Patent බලපත්‍ර ලබා ගැනිමේ දි ඉදිරිපත් කර ඇති රූප සටහන්වල අනුව Rollable Screen එක හකුලා ඇති අවස්ථාවේ දි (Housing එක තුල) සාමාන්‍ය Smartphone එකක පෙනුමක් පවතිනවා. ඒ වගේම Rollable Screen එක දිග හැර ඇති අවස්ථාවේ දි මෙය Tablet එකක ආකාරය වෙනවා.

සාමාන්‍ය Foldable Smartphone වල වගේ මෙහි මැද Hinge එකක් නැ. ඒ වෙනුවට Device එක දෙපස Rolling mechanism එකක් සදහා අවශ්‍ය කොටස් පවතිනවා. එනම් මේ Rolling mechanism එක මගින් දෙපසින්ම Rollable Screen එක ඉවතට ගත හැකි වෙනවා. ඒ වගේම දෙපස පවතින ප්‍රමාණයෙන් විශාල Bezel මගින් Rollable screen එක⁣ට අවශ්‍ය ඉඩ මෙන්ම ආරක්ෂාවත් සපයනවා.

ඒ වගේම දැනට තියෙන තොරතුරුවලට අනුව LG සමාගම විසින් මිලග වසරේ පළමු කාර්තුව තුල දි ඔවුන්ගේ පළමු Rollable Smartphone එක එළිදැක්වීමට බලාපොරොත්තු ඉන්නවා. කෙසේ වෙතත් තවම නිල වශයෙන් මේ Rollable Smartphone පිළිබඳව තොරතුරු නිකුත් වි නොමැති වෙනවා.

Sources : Gizmochina, LetsGoDigital

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna