Rotatable තිරයක් සහිත LG සමාගමේ නවතම Smartphone එක, LG Wing එලි දැක්වීම සැප්තැම්බර් මස 14 වනදා

Rotatable තිරයක් සහිත LG සමාගමේ නවතම Smartphone එක, LG Wing එලි දැක්වීම සැප්තැම්බර් මස 14 වනදා

LG සමාගම විසින් ඔවුන්ගේ මිලග Smartphone එක "Wing" ලෙසින් සැප්තැම්බර් මස 14 වන දින පැවැත්වෙන ඔවුන්ගේ Virtual Event එකේ දි එළි දැක්විමට කටයුතු කරන බව දන්වා තිබෙනවා.

මේ LG Wing Smartphone එක swiveling Smartphone ආකාරයට අයත් වෙනවා.

LG සමාගම විසින් පසුගිය දිනක නිකුත් කරන ලද Teaser Videoවට අනුව මේ Wing Smartphone එක භ්‍රමණය කල හැකි Display දෙකකින් යුතු වනවා. ඒ වගේම මිට අනුව මේ Display දෙක T හැඩයට සිටින ලෙසට භ්‍රමණය කල හැකි වේ.

LG සමාගම පවසන අකාරයට හේ LG Wing කියන්නේ එම කාණ්ඩය යටතේ නිකුත් කරන පළමු Product එක බව සඳහන් වනවා. ඒ අනුව අනිවාර්යයෙන්ම මේ Product Lineup එක යටතේ ඉදිරියේදි තවත් Devices නිකුත් කිරීමට LG සමාගම සූදානම්ව ඇති බව ව්‍යංගයෙන් ප්‍රකාශ වනවා. නමුත් එය සිදු වන්නේ මෙහි සාර්ථක බව මතයි.

ඔවුන් පවසන අකාරයට මේ Smartphone එක දුරකථන සම්ප්‍රදාය වෙනස් කරමින් , නිර්මාණය කල නොහැකි යැයි සලකන හා වෙනස් අකාරයේ අත්දැකිමක් එහි User වෙත ලබා දිමට හැකි අකාරයට ඔවුන් නිපදවිමට බලාපොරොත්තු වෙනවා.

“LG’s boldest, newest smartphone will deliver a new and different form factor and mobile experience that would be impossible to create with conventional smartphones.”

දැනට ඇති Leaks & Rumorsවලට අනුව මේ Smartphone එක අගල් 6.8ක Main Display එකකින් ද අගල් 4 ක Second Display එකකින්ද යුතු වන අතර Snapdragon 765 හෝ 765G Processor මගින් බලගැවෙනු ඇත. ඒ වගේම Triple Rear Camera Setup එකක් හා 5G සහය මේ සමග අන්තර්ගත වනු ඇතැයි කියන්න පුළුවන්.

තොරතුරැවලට අනුව හෙි Wing Smartphone එකේ මිල ඇමරිකානු ඩොලර් 2,106 පමණ විය හැකි බවද සදහන් වෙනවා.

Source: : LG, MobileSyrup

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna