LG සමාගම විසින් අඟල් 17ක rollable තිරයකින් යුතු laptop එකක් සඳහා patent ලබා ගැනීමට කටයුතු කරයි

LG සමාගම විසින් අඟල් 17ක rollable තිරයකින් යුතු laptop එකක් සඳහා patent ලබා ගැනීමට කටයුතු කරයි

මේ වන විට සැම සමාගමක් වගේම Rollable Display සහිත Devices නිපදවිම පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කර ඇති බව කිව යුතුයි. ඒ අනුව මිට දින කිහිපයකට පෙර‌‌ පැවතුනු OPPO INNO Day 2020 Event එකේදි Rollable OLED Screen එකක් සහිත Oppo X 2021 Concept Phone එක පිළිබඳව තොරතුරු නිකුත් කරා. ඒ වගේම LG සමාගම විසිනුත් මේ Rollable Display Technology එක පිළිබඳව දිගටම පර්යේෂණ කරමින් සිටින බව අපි දන්නා කරැණක්.

ඒ අනුව ඔවුන් මිට පෙර LG Signature OLED R නම් අඟල් 65ක රෝල් කර හැකි තිරයක් සහිත රූපවාහිනියක් එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. ඒ වගේම ඔවුන් LG Rollable නමින් Rollable Display එකක් සහිත ජංගම දුරකතනයක් නිපදවීමට සූදානම් බවටත් අපි මිට පෙර තොරතුරු ගෙන ආවා. LG සමාගම විසින් මේ වන විට ඔවුන් Rollable Display Technology එක යොදාගෙන Laptop එකක් නිපදවිමට සුදානමින් සිටිනවා.

LG සමාගම විසින් ලබාගත් නවතම Patent බලපත්‍රයට අනුව ඔවුන් විසින් අගල් 17ක Rollable Display එකක් සහිත Laptop එකක් නිපදවිමට බලාපොරොත්තුවෙන් සිටින බව කියන්න පුළුවන්. මේ Rollable Display එක අගල් 13.3 හෝ අගල් 17 යන Display Size දෙකට අවශ්‍ය පරිදි සකසා ගන්න පුළුවන්. මිට අමතරව මේ Laptop එකේ Keyboard එක හා Touchpad එකත් අවශ්‍ය පරිදි හකුලා දැමිමේ හැකියාව පවතිනවා. මේ මගින් භාවිත නොකරන අවස්ථාවලදි අඩු ඉඩ ප්‍රමාණයක් තුල ගබඩා කර තැබීමට හැකි වෙනවා.

මේ LG Rollable Laptop එක TV එකක් සමග ඇති Soundbar එකක් විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම මෙහි Power Button එක දකුණු පැත්තට යොදා තිබෙනවා. ඒ වගේම මෙහි ඇති Webcam එකත් Rollable Webcam එකක් වෙනවා. ඒ වගේම මේ Laptop එකේ Rollable Display එක Power On කිරිමේ දි ස්වයංක්‍රීයවම දිග හැරෙන අතර Power Off කිරිමේ දි ස්වයංක්‍රීයවම හැකිලෙනවා. මේ Laptop එකේ Display එකට වෙනමම Keyboard එක සවිකල හැකි වෙනවා.

Sources : Gsmarena, Gizchina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna