ශ්‍රී ලංකාව තුල Number portability සේවාව සඳහා නීතිමය අනුමැතිය හිමිවේ

ශ්‍රී ලංකාව තුල Number portability සේවාව සඳහා නීතිමය අනුමැතිය හිමිවේ

මීට වසරකට පෙර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ශ්‍රී ලංකාවට Number portability පහසුකම හඳුන්වා දීමට සූදානම් වන බවට පුවතක් අප විසින් වාර්තා කල අතර, ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට Number portability යන සංකල්පය පිළිබඳව එලිදැක්වුනේ වසරකට පෙරය.

මේ හරහා සිදුවන්නේ දැනට යම් අයෙකු විසින් භාවිතා කරන දුරකථන අංකයක් වේ නම් එය සියළුම ජංගම දුරකථන සේවා ජාල ඔස්සේ එම අංකය වෙනස් නොකර ලබා ගැනීමේ හැකියාව හිමිවීමයි. ඒ අනුව එහිදී ඔබගේ දැනට පවතින් දුරකථන අංකය දැනට භාවිතා වන ජාල හඳුනා ගැනීම කේත අංකයන් සඳහා පොදු අංක ක්‍රමයක් වන බවත් (070, 071, 072, 075, 077, 076, 078) එයට ඕනෑම සබඳතාවයක් භාවිතා කල හැකිවනු ඇත. මේ සඳහා ජංගම දුරකතන සේවා සපයන ආයතනයන්ද ඔවුන්ගේ එකඟතාවය පල කර තිබුණි.

ඉන් පසුව අප විසින් මාර්තු මාසයේදී ගෙන ආ වාර්තාවේ සඳහන් වූයේ මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී මෙම පහසුකම ලංකාව තුලදී ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනු ඇති බවය.

මේ වන විට ශ්‍රී ලංකා විදුලි සංදේශන් නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් ධූරය හොබවන ඕෂද සේනානායක මහතා විසින් ප්‍රකාශ කර තිබෙන්නේ Number portability සඳහා මේ වන විට ශ්‍රී ලංකාව තුල අවශ්‍ය කරන නීති සම්පාදනය කර අවසාන බවත් ඒ සඳහා නීතිමය අනුමැතිය හිමිවී ඇති බවත් ය.

ඒ අනුව මේ වන විට TRCSL විසින් ජංගම දුරකතන සේවා සපයන සමාගම් වලට මධ්‍යම දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමට උපදෙස් ලබා දී ඇති අතර ඒ සඳහා මේ වන සිටින සියළුම දුරකතන සේවා ග්‍රාහකයන්ගේ දත්ත ඇතුලත් විය යුතු බවට දන්වා ඇත.

වැඩිදුර තොරතුරු සපයමින් ඕෂධ මහත්මා විසින් ප්‍රකාශ කර තිබුනේ 2022 වසරේදී මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

Source: Newsfirst, Newswire

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara