ලොව ප්‍රථම hypersonic මිසයිල ප්‍රහාරය රුසියාවෙන් යුක්රේනයට; Kh-47M2 Kinzhal පිළිබඳ සියල්ල
ලෝක ඉතිහාසය තුල Warzone එකකදි එහෙමත් නැතිනම් යුද්දෙකදි Hypersonic අවියක් භාවිතා කළ පළමු අවස්ථාව පසු ගිය සිකුරාදා රුසියාව විසින් යුක්රේනයට විරුද්ධව පාවිච්චි කරා.
මේක Kinzhal කියන hypersonic missile එකක්. ඒ වගේම මේක ලෝන්ච් කිරීම සදහා MIG 31 යානයක් තමා යොදාගෙන තියෙන්නෙ. මේ මිසයිල් එකට 2,000kmක රේන්ජ් එකක් ගමන් කළ හැකි අතර මෙහි උපරිම වේගය Mach 12 ක් එහෙමත් නැතිනම් ඔයාලට තේරෙන විදිහට කිව්වොත් 14800km/h ක් වගේ විශාල අගයක් ගන්නවා. ඒ කියන්නෙ මේ මිසයිල් එක එක තත්පරයක් තුල 3.43Km ආසන්න වශයෙන් කිලෝ මිටර් හතරක් ගමන් කරනවා. ඔයාලට හිතාගන්ඩ පුළුවන්නෙ මේකෙ වේගෙ කොහොමද කියලා.
වේගය වගේම තමා මේක accuracy එකත්. මේකේ accuracy එක (1m) මීටරයක් වගෙ විශාල අගයක් ගන්නවා. මේ මිසයිල් එකට කිලෝමිටර් විස්සක් (20Km) එහෙමත් නැතිනම් අඩි හැටපන්දාස් හයසිය දාහතක් දක්වා ඉහළට ගමන් කරන්න පුළුවන් (65,617 ft). (ඔයාලා දන්නවද සාමනය මගීන් රැගෙන යන ගුවන් යානයක් යන්නෙත් උපරිම අඩි 42,000ක් එහෙමත් නැතිනම් ආසන්න වශයෙන් කිලෝමිටර් 13ක් විතර වගෙ උඩකින් කියලා.)
වේගය විතරක් තිබුනට මදිනෙ පිපිරුම් බලයක් නැතිනම්. ඒක මේ මිසයිල් එකෙ ඒක අඩු නැතුව තියෙනවා. මේකේ තියෙන 500Kg Warhead එකට පුළුවන් (100–500 kT) (කිලො ටොන්) අතර බලයක පිපිරීමක් සිදු කරන්න. නමුත් මේ මිසයිල් එකට මේ පිපිරවීම කියන එකත් දෙයාකාරයකින් කරන්න පුළුවන්. එ Nuclear හා Fragmentation විදිහට. මේකෙන් ඔයාලා Nuclear ගැන නම් ඔයාලා හොඳට දන්නවා ඇතිනෙ. හැබැයි Fragmentation ගැන අහලා තියෙනවද?
Fragmentation කියන්නෙ පුපුරණ ද්‍රවය පිපිරවීමෙන් හා කොටස් විහුදුවාලීමෙන් ඇති කරනා පිපිරවීමකටයි. මේ Fragmantation කියන එක තමා anti-personnel weapon, bomb, barrel bomb, land mine, IED, artillery, mortar, tank gun,autocannon shell, rocket, missiles, grenades කියන හැම තැනකදිම පාවිච්චි වෙන්නෙ. හැබැයි මේ මම කියපු Nuclear Explotion එකය් Fragmantation Explotion කියන එකයි දෙකම එකපාර කරන්න නම් බැහැ. ඒක ටාගට් එකෙ ස්වාභාවය අනුව Missile එක ලෝන්ච් කරන්න තීරණය කරන කණ්ඩායම තීරණය කරලා Warhead එක මාරු කරනවා.
දැන් ඔයාලා කල්පනා කරනවා ඇති යුක්‍රේනය සතුව තියෙන S-300 එකට මේක නතර කරගන්න බැරි උනෙ ඇයි කියලා. ඒකට හේතුව මේකයි. මේ මිසයිල් එකට පුළුවන් මිසයිල් එකෙ හැම ස්ටේජ් එකක් තුලදිම maneuvers කරන්න. ඒ වගේම මේක fly කරන්නෙත් රෙඩාර් ඩිටෙක්ශන් මට්ටමට වඩා ගොඩක් පහළින්.
මම කියපු එක තේරුණේ නැහැ නේද. හරි කමක් නැහැ මම මේක ඔයාලට තවත් සරලව කියන්නම්කො සාමානයෙන් මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් එකක් වැඩ කරන්නෙ ප්‍රධාන කොටස් තුනකින්. ඒ detection and tracking radar, Battle management and control system, missile fireing unit කියන ප්‍රධාන කොටස් තුන එකතුවෙලා. මේක වෙන විදිහ ගැන මම සම්පූර්ණම පැහැදිලි කරා Iron dome Article එකෙදි.
කමක් නැහැ අලුතින් කියවන අයත් ඇතිනෙ මම ඒ නිසා මේක ඉතාමතම කෙටියෙන් සරලව පැහැදිලි කිරීමක් කරන්නම්.
අර මම උඩ කියපු detection and tracking radar කියන යුනිට් එකෙන් මුලින්ම මිසයිල් එකෙ පාත් එක ඩිටෙක්ට් කරාගන්නවා. මේ විදිහට මිසයිල් එකෙ පාත් එක ඩිටෙක්ට් කර ගත්තාට පස්සෙ Battle management and control system එක මගින් තිරණය කරනවා Interceptor Missile එක නිකුත් කරන්ඩ ඕනෙ මිසයිල් පාත් එකෙ කොතෙන්ටද කියලා. ඊට පස්සෙ missile fireing unit එකෙන් Fire කරනවා Interceptor missile එක.
මේක අර මිසයිල් එක එන ගමන් මගෙ ඉදිරියට ගොස් මිසයිල් එක ලඟදි සතුරු මිසය්ලයත් පුපුරවා හරිමින් තමන්ද පිපිරවෙනවා.නමුත් මේ Kinzhal මිසයිල් එකෙ නිතර වෙනස් වෙන ගමන් මාර්ගය නිසා මේ ක්‍රියාවලියෙන්ද පලක් නැතිවෙනවා. අනික S-300 එකට මේක ඩිටෙක්ට් වෙන්නෙ නැහැ. ඒකට ප්‍රධාන හේතුව මේකට Mach 8.5 වලට එහා වේගෙන් එන Missile Detecte කර ගන්න බැහැ. මොකද මේ Kinzhal එකෙ Topspeed එක Mach 12 ක් එහෙමත් නැතිනම් 14800 km/h ක්. දැන් ඔයාලට වැඩෙ වෙන විදිහ ගැන පොඩි අදහසක් ඇතිනෙ.
මේ Kinzhal කියන Hypersonic missile එක ප්‍රධාන ක්‍රම දෙකකට දැනට ලෝන්ච් කරනවා. ඒ MIG - 31K හි බඳෙහි අමුනා හා TU 22 M3 එකෙ bomb bay එකෙ රඳවමින් කියන දෙයාකාරයටයි. ඒ වගේම තව විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමා අනාගතේදි මෙම මිසයිල රුසියාවෙ latestම fire jet එක වන SU - 57 මගින්ද ලෝන්ච් කරන බවට රුසියාව පවසනවා. එවගෙම මේ Mig 31 මගින් නිකුත් කරන මිසයිල් එකෙ රේන්ජ් එක 2000km කුත් Tu 22 මගින් නිකුත් කරන මිසයිල් එකෙ රේන්ජ් එක 3000Km ත් වෙනවා.
මේ මිසයිල් ටෙක්නොලොජි එකෙදි වැදගත්ම වෙන තවත් ප්‍රධානම කාරණයක් තමා ඇකියුරසි එක කියන්නෙ. වේගයයි ස්ටෙල්ති බවයි තිබුනට වැඩක් නැහැ ඇකියුරසි එක නැතිනම්. මේ Kinzhal Hypersonic missile එකෙ ඇකියුරසි එක 1m පමණ වනවා. මෙන්න මේ ඇකියුරසි එක කියන තැනදි උදව්වට එනවා මිසයිල් එකෙ Guidance system එක. මේක හැදිලා තියෙන්නෙ කොටස් තුනකින්. ඒ inertial navigation system, GLONASS, optical homing system කියන කොටස් තුන. මේවා වැඩ කරන විදිහ මම වෙනම වෙලාවක කියලා දෙන්නම් මොකද මේවා ටිකක් වෙලාව අරගෙන තේරුම් කරල දෙන්න ඕන මාතෲකා.
ඔයාලා මේ මිසයිල් එක ට්‍රැවල් කරන විඩියො එක දැක්ක නම් ඔයාලා දකින්ඩ ඇති සුදුපාට එලියක් වගෙ එකක් තමා ගමන් කලේ කියලා. මගේ අනුමානය අනුව නම් ඒ ඔයාල දැක්කේ මිසයිල් එක වටා ඇතිවුන ප්ලාස්මා එකක්. මොකද මේ මිසයිල් එක 14800 km/h වගෙ අධික වේගයකින් ගමන් කරද්දි මේ මිසයිල් එකෙ මුහුණත ලඟ වායුව අයනි කෘත වනවා. ඒ නිසා මේ මගින් රෙඩාර් වලින් නිකුත් කරන රේඩියෝ තරංග අවශෝෂණය කර ගන්නවා. රේඩාර් එකට මේක ඩිටෙක්ට් කර ගන්න නම් මේ තරංග මෙකෙ වැදිලා ආයේ රෙඩාර් එක යන්න ඕනේ. නමුත් මෙතනදි එහෙම සිදුවීමක් නොවෙන නිසා මේක රේඩාර් වලට ඩිටෙක්ට් කර ගන්න බැහැ.
නමුත් මොනයම් හො ක්‍රමේකින් රෙඩාර් එකෙන් නිකුත් කරන තරන්ග මිසයිල් එකෙ වැදිලා ආයේ රේඩාර් එකට ගියා කියමුකො. ඒත් මේ මිසයිල් එක ගැන රේඩාර් එකෙ කම්පියුටර් එකෙන් දත්ත ප්‍රොසෙස් කරලා Interceptor missile එක ගහන්ඩ ඕන තැන තීරණය කරන කොට මිසයිල් එක ටාගට් එකට ගිහින් වැදිලත් ඉවරයි. අන්න ඒක නිසයි කියන්නෙ මේවා නතර කරන එක හිතාගන්න බැරි තරම් අපහසුයි කියලා. නමුත් මේකක් නතර කරනවා නම් කරන්න පුළුවන් එකම missile defence system එක තියෙන්නෙත් රුසියාව සතුව. ඒ තමා ගිය අවුරුද්දෙ එලි දක්වපු රුසියාවේ නවතම, ලෝකෙ හොඳම missile defence system එක වන S-500 එක.