හමාස් සංවිධානයේ ප්‍රහාරයෙන් ඊශ්‍රායලය බේරාගත් Iron Dome හෙවත් ඊශ්‍රායලයේ මිසයිල ආරක්ෂණ පද්ධතිය

හමාස් සංවිධානයේ ප්‍රහාරයෙන් ඊශ්‍රායලය බේරාගත් Iron Dome හෙවත් ඊශ්‍රායලයේ මිසයිල ආරක්ෂණ පද්ධතිය

කට්ටියම මේ ටිකෙ Iron Dome ගැන කතාවෙන නිසා Iron Dome ගැන හරියටම නොදන්න අයට මේක ගැන ටිකක් කියලා දෙන්න හිතුවා. හරි වැඩි කතා ඕනෙ නැහැ කෙලින්ම යමු Iron Dome එකට.

Iron Dome කියන්නෙ Missile Defense System එකක්. සිංහලෙන් කිව්වොත් මිසයිල ආරක්ෂණ පද්ධතියක්. මේක කලින් කීව්වා වගේ ඊශ්‍රායලය සතුව ඇති මිසයිල් ඩිෆෙන්ස් පද්ධතියක්. මෙය නිෂ්පාදනය කිරීම සහ වැඩි දියුණු කිරීම සිදුකරේ ඊශ්‍රායලයේදීම යි. ඇමරිකාවත් මේ ව්‍යාපෘතිය සඳහා මුදලින් ආධාර කරනවා.

Iron Dome එකෙන් රැකගන්න පුළුවන් රේන්ජ් එක කොපමනද?

මෙම පද්ධතිය මගින් 4km සිට 70km දක්වා ආරක්ෂාව සපයන්න පුලුවන්. ඒ කියන්නේ 70km දුර ඉදන් එල්ල වන මිසයිල විනාශ කිරිමේ හැකියාව තිබෙනවා. මෙම දුර තවත් වැඩි දියුණු කිරීමලු මෙම නිෂ්පාදකයන්ගේ අරමුණ.

Iron Dome පද්ධතියේ ආරක්ෂණ පරාසය

දැන් ඔයාලා කල්පනා කරනවා ඇති 70km නම් මේකෙ ඩිෆෙන්ස් රේන්ජ් එකෙන් කොහොමද මේකෙන් මුලු රටටම ආරක්ශාව දෙන්නෙ කියලා.

ඇත්තටම Iron Dome කියන්නෙ තනි යුනිට් එකක් නෙමෙ මේක සැදිලා තියෙන්නෙ යුනිට් ගනනාවකින්. එක යුනිට් එකකට Missile 20ක් ඇතුලත්. එ වගේම මේක ජංගම විදිහට ට්‍රක් එකක සවි කරගෙන අවශය තැනට කුඩා වෙලාවකින් රැගෙන යන්ඩ පුළුවන්. මේ එක මිසයිලයක නිෂ්පාදන පිරිවැය $40,000ක් වෙනවා. මේ සම්පූර්ණම යුනිට් එකක ගාන ඩොලර් මිලියන 90ක් විතර වෙනවා. එච්චර ගනන් නිසා තමයි ජනාකීර්ණ ප්‍රදේශවලට වැටෙන ඒවා විතරක් හඳුනගෙන මේ මිසයිල ආරක්ෂණ පද්ධතියෙන් විනාශ කරලා, අනෙක් ඒවා භූමිය මතටම වැටෙන්ඩ ඉඩ හරින්නෙ.

ගාසා තීරයේ මේ දිනවල් පවතින ගැටුම් වලදී Iron Dome එකක් අසල සිට ඉශ්‍රායෙල් සෙබලෙකු සහ සෙබලියන් දෙදෙනෙකු එය ආරක්ෂා කරන අයුරු

Iron Done එක ක්‍රියාත්මක වන්නේ කොහොමද?

අයන් ඩොම් කියන්නේ ඇන්ටි මිසයිල ආරක්ෂක පද්ධතියක් කියලා මම උඩ කිව්වා මතකනෙ. මේ පද්ධතිය කොටස් තුනකින් සමන්විතයි.

  1. රේඩාර් පද්ධතිය (Detection and tracking radar)
  2. යුධ භූමි කලමණාකරණ හා පාලන පද්ධතිය (Battle management and control system)
  3. මිසයිල පද්ධතිය (Missile firing unit)

උඩ කියපු තුන එකතුවෙලා මෙන්න මෙහෙමයි ඔන්න ඔය පද්ධති ක්‍රියාත්මක වෙන්නෙ.

මෑතකදී යලි ආරම්භ කෙරුනු ඉශ්‍රායල් පලස්තීන ගැටුමේදී සතුරු මිසයිල රොකට් ප්‍රහාර නවත්වන Iron Dome මිසයිල පද්ධතිය

අපි හිතමුකො ගාසා තිරයේ ඉදන් මිසයිලයක් හෝ රොකට් එකක් එල්ල කලා කියලා, ඔන්න ඒක දැන් රේඩාර් පද්ධතියට ඩිටෙක්ට් වෙනවා පලස්තීනේ පැත්තෙන් මිසයිලයක් අපේ පැත්තට නිකුත් කරා කියලා. එතකොටම රේඩාර් එක මගින් නිරීක්ෂණය කලායින් පසුව යුධ භූමි කලමණාකරන හා පාලන ඒකක මගින් අර එල්ල වු රොකට් එක මොන ප්‍රදේශයට පතිත වෙයිද යන්න ගණනය කිරීමක් වෙනවා.

ඒත් සමගම එය විනාශ කිරීමට ප්‍රති මිසයිලයක් මෙම අයන් ඩොම් එක මගින් එල්ල කරනු ලබනවා. නමුත් මෙහිදි ඇත්තටම වෙන්නෙ මිසයිලයට මිසයිලයක් ගැටීම නෙමේ. මෙහිදි වෙන්නෙ සතුරු මිසයලය අසලට ගොස් Iron dome එකෙන් නිකුත් කරන Tamir Interceptor missile එක පුපුරවා හැරීමයි.

උඩ කියපු කතාව තව ටිකක් විස්තර ඇතිව කිව්වොත් ඒක වෙන්නෙ මෙහෙමයි

මේක Embedded System එකක්. නමුත් Iron dome එකේ මුලික Data Processing කරන්න Super Computer වගේ එකක් ඕනා. මේ වගේ වැඩ වලදි AI Algorithms එකක් නේ Use වෙන්නේ. ඉතින් මුලින්ම AI එක training කරන්න වෙනවා. AI Training කරාට පස්සේ Embedded System එක යොදා ගන්න පුලුවන්.

එකයි ඒක වාහනයක් ඇතුලේ තියෙන්නේ. අවශ්‍ය වේලාවක Super Computer එක හා සම්බන්ධ වී Processing Algorithms Import කරගන්න පුලුවන් Embedded System එකට. එකේ Architect එකත් එයාලම Develop කරගෙන ඇති සමහර විට. ඒකනෙ මේක මිසයිල ආරක්ෂණ පද්ධතිය ඇමරිකාවේ අනුග්‍රහය ඇතුව වැඩිදියුණු කලත් මේ Iron Dome එකේ පේටන්ට් බලපත්‍රයේ 100%ක්ම ඊශ්‍රායෙල් වලට ලැබුනේ.

කොහොම නමුත් යුද්ධය කියන්නෙ මිනිසා විසින් මිනිසාවම විනාශ කර ගන්න අපරාධ ක්‍රියාවක්. ශ්‍රී ලාංකිකයන් අපි වසර තිහක් යුද්දයෙන් බැට කාපු මිනිස්සු හැටියට අපිට මේ අත්දැකීම හොඳටම තියෙනවා.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna