දෙසැම්බරයේ අසිරිය දනවන බටහිර අහසේ නත්තල් තරුව අද!

මෙම වර්ෂයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ක්ශේත්‍රයේ සිදුවූ අතිශය දුර්ලභ සිදුවීම් සමූහයක් වේ. මේ නත්තල් සමයේ ද එවැනි අපූරු සිදුවීම් කිහිපයක් සිදුවීමට නියමිතය.

දෙසැම්බරයේ අසිරිය දනවන බටහිර අහසේ නත්තල් තරුව අද!
මෙම ලිපිය කොළඹ නාලන්දා විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයේ සාමාජික තමරු සමරනායක සොයුරා විසින් ලියැවුණකි.

මෙම වර්ෂයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ක්ශේත්‍රයේ සිදුවූ අතිශය දුර්ලභ සිදුවීම් සමූහයක් වේ. මේ නත්තල් සමයේ ද එවැනි අපූරු සිදුවීම් කිහිපයක් සිදුවීමට නියමිතය. එයින් වඩාත් වැදගත් වන්නේ මේ මස 21 දින (අද දින) සිදුවන බ්‍රහස්පති - සෙනසුරු Conjunction එකයි.

Conjunction යනු ඛ'ගෝල වස්තු දෙකක් එකිනෙකව ලංවීමයි. ග්‍රහලෝක දෙකක conjunction එකක් යනු හුදෙක් ම දෘෂ්ටි මායාවක් වන අතර එනම් ඒවායේ සාපේක්ෂ චලිත නිසා ඒවායේ පිහිටීම නිරීක්ෂණය වන්නේ ඒවා එකිනෙකට ළගා වී ඇති ලෙසයි. මෙම බ්‍රහස්පති - සෙනසුරු Conjunction එක සෑම 20 වසරකට වරක් සිදු වුවද ඒවා සියල්ල දැක ගැනීමට අපට නොහැකි වේ. ඇතැම් විට මෙය දිවා කාලයේ ද සිදු වන අතර ඒවා සියල්ලම සමාන නොවේ. එසේ වීමට කක්ෂ වල ආනතිය (ඇල බව) වැනි සාධක හේතු වේ.

නමුත් මෙවර ඒවා සියල්ල එකට ගැලපී අතිශය දුර්ලභ බ්‍රහස්පති - සෙනසුරු Conjunction එකක් අපට දැක ගැනීමේ හැකියාව ඇත. මින් පෙර මෙවැනි දුර්ලභ ගණයේ බ්‍රහස්පති - සෙනසුරු Conjunction එකක් 1226 මාර්තු 4 දා නිරීක්ෂණය වූ බව සඳහන් වේ. මෙවර conjunction හි දී බ්‍රහස්පති හා සෙනසුරු අතර කෝණික විස්ථාපනය අංශක 0.1 පමණ වේ. එවැනි කුඩා කෝණයක් තිබීම නිසා එම ග්‍රහලෝක දෙකම එකට එක්වී පෙනීමට හැකිය. මෙය Double Planet Effect ලෙස හඳුන්වයි. බ්‍රහස්පති හා සෙනසුරු මධ්‍යතන යුගයෙන් පසු එනම් වසර 800 කට පමණ පසු පළමු වතාවට මෙලෙස ද්විත්ව ග්‍රහලෝකයක් සේ දිස් වේ.

උපරිම අවස්ථාවේදී බ්‍රහස්පති හා සෙනසුරු අතර කෝණික විස්ථාපනය අංශක 0.1 පමණ වේ

මෙම conjunction එක නිරික්ෂණය කරන්නේ කෙසේද ? මෙම දින වල සවස 6 න් පසු බටහිර අහසේ 25° ක් පමණ ඉහලින් බ්‍රහස්පති හා සෙනසුරු දැකගත හැකි වේ. ඒවා ඉතා ආසන්නව පිහිටා ඇති බව දැකිය හැකියි. මෙම conjunction එක උපරිම අවස්ථාව සිදුවන්නේ දෙසැම්බර් 21 (අද) වන අතර එයද සැන්දෑ අහසේ අපට නිරීක්ෂණය කිරීමට හැකියි. පියවි ඇසින් නිරීක්ෂණය කරන්නේ නම් ඔබට ඒ ග්‍රහලෝක දෙක තනි වස්තුවක් ලෙස පෙනේ. දුරේක්ෂයක් භාවිතා කලහොත් ඔබට බ්‍රහස්පති හා සෙනසුරු ගේ කෝණික වෙන්වීමක් හා ඒවායේ උපග්‍රහයන් ද දැකිය හැකිය. තාරකාවිද්‍යාලෝලීන් හට මෙම අවස්ථාව ඉතා අනගි මෙන්ම දුර්ලභ වන බැවින් ඔවුන් සිටින්නේ එය නිරීක්ෂණය කිරීමට නොඉවසිල්ලෙන්ය. නැවතත් මෙවන් සිදුවීමක උපරිම අවස්ථාවක් අපට දැකගත හැකි වන්නේ වසර 60 කට පසුව 2080 මාර්තු 15 වන දිනයි.

Written by,
Thamaru Samaranayake
Nalanda College Astronomical Society

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara