WhatsAppහි Chat Lock කිරීමේ පහසුකම නිල වශයෙන් නිකුත් කිරීමට Meta සමාගම කටයුතු කරයි

Meta සමාගමේ CEO වන Mark Zuckerberg විසින් Twitter සටහන් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ Beta පරිශීලකයන්ට පමණක් සීමා වු මේ පහසුකම මේ වන විට සියලුම WhatsApp පරිශීලකයන් සඳහා නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි.

WhatsAppහි Chat Lock කිරීමේ පහසුකම නිල වශයෙන් නිකුත් කිරීමට Meta සමාගම කටයුතු කරයි

මීට පෙර Meta සමාගම විසින් WhatsApp Android සහ iOS Beta පරිශීලකයන් සඳහා Chat Lock පහසුකම හඳුන්වා දෙන්න කටයුතු කළ බවට අප ඔබ වෙත තොරතුරු ගෙන ආ බව ඔබට මතක ඇති. Meta සමාගමේ CEO වන Mark Zuckerberg විසින් Official Meta Channel එක ඔස්සේ නිවේදනය කරමින් ප්‍රකාශ කර සිටින්නේ Beta පරිශීලකයන්ට පමණක් සීමා වු මේ පහසුකම මේ වන විට සියලුම WhatsApp පරිශීලකයන් සඳහා නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි.

මේ Chat Lock පහසුකම ඔස්සේ ඔබට අවශ්‍ය Chats Passcode එකක් හෝ Biometric Authentication (Face ID හෝ Fingerprint) ඔස්සේ Lock කර තැබිමේ හැකියාව ලැබෙන අතර, මෙලෙස Lock කරන ලද Chats 'Locked Chats' Section එක තුළ අඩංගු වන අතර එම Chats සඳහා ප්‍රවිශ්ඨ වීම අවශ්‍ය නම් Passcode එක හෝ Biometric Authentication Method එක ඔස්සේ Chat එක Unlock කර ගත යුතු වනවා.

මේ පහසුකම ඉදිරි දින කිහිපය තුළ සියලුම Android සහ iOS WhatsApp පරිශීලකයන් සඳහා ලැබෙනු ඇති අතර Google Play Store හෝ Apple App Store ඔස්සේ නවතම WhatsApp Update එක ඔබගේ Device එක සඳහා Install කර ගැනීමෙන් ඉදිරියේදි මේ පහසුකම ඔබට භාවිත කිරීමට හැකියාව ලැබෙනු ඇත.

Sources: Whatsapp Wabetainfo

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara