WhatsAppහි Chats Lock කිරීමේ හැකියාව ලබා දිම සඳහා සූදානම් වෙයි

WhatsApp තම පරිශීලකයන්ගේ User Experience එක වැඩි දියුණු කිරිම සදහා Meta සමාගම විසින් මේ වෙන විට සුදානම් වන්නේ WhatsApp සදහා Chats Lock කිරිමේ පහසුකම ලබා දීමටයි.

WhatsAppහි Chats Lock කිරීමේ හැකියාව ලබා දිම සඳහා සූදානම් වෙයි

ලොව ජනප්‍රියතම Messaging Platform එක ලෙස නම් දරා සිටින Meta සමාගමේ WhatsApp App එක විසින් නිතරම තම පරිශීලකයන්ගේ User Experience එක වැඩි දියුණු කිරිම සදහා නව විශේෂාංග හදුන්වා දීමට කටයුතු කරන බව ඔබ දැනටමත් දන්නවා.

ඒ අනුව Meta සමාගම විසින් මේ වෙන විට WhatsApp සදහා Chats Lock කිරිමේ පහසුකම ලබා දීම සඳහා සූදානම් වනවා. එනම් මේ ඔස්සේ ඔබට App Lock එක යෙදීමක් අවශ්‍ය නොවන අතර ඔබට අවශ්‍ය ඕනැම Chat එකක් Lock කළ හැකි වනු ඇත.

Source: WabetaInfo.com

මේ Lock Chat පහසුකම මේ වන විට නවතම Android Beta පරිශීලකයන් සදහා ලබා දී ඇති අතර ඒ මගින් Individual Chats හෝ Group Chats Lock කළ හැකි වෙනවා. මෙලෙස Lock කිරීමේදි ඔබට Passcode එකක් හෝ Fingerprint එක ලබා දි හැකියි.

ඒ වගේම මේ Lock Chat පහසුකම සක්‍රීය කළ විට එම Chat එකෙහි පවතින Media Files ස්වයංක්‍රීයවම Download විමක් සිදු වි Gallery එක තුළ Save විම සිදු නොවන අතර මේ ඔස්සේ එම Chatවල පවතින Photos හෝ Videos වෙනත් පාර්ශවයකට Smartphone එකේ Gallery App එක තුළින් නැරඹිමේ හැකියාව ද නැවති යනවා.

කෙසේ වෙතත් මේ විශේෂාංග WhatsApp Stable Version සදහා ලබා දෙන දිනයක් පිළිබඳ තවමත් තොරතුරු සදහන් නොමැති අතර ඉදිරියේදි මේ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනිමේ හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source: wabetainfo.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna